ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කුර්නූල් දිස්ත්‍රික්කයෙන් අතිශය භීතජනක පුවතක් වාර්තා වේ. තමා සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා වෙනත් කාන්තාවක සමඟ විවාහ වීම හේතුවෙන් ඇති වූ කෝපය මත, රජයේ රෝහලක සේවය කරන හෙදියක් එම පුද්ගලයාගේ බිරිඳට රහසිගතව HIV ආසාදිත රුධිරය එන්නත් කර තිබේ. වින්දිත කාන්තාව ද වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර, ඇය සිය ස්කූටරයෙන් නිවස බලා යමින් සිටියදී සැලසුම් සහගතව සිදුකළ මාර්ග අනතුරක මුවාවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අනතුරින් බිම වැටුණු වෛද්‍යවරිය රෝහලට රැගෙන යන බව පවසමින් රික්ෂෝවක දමාගත් සැකකාර හෙදිය ඇතුළු පිරිස, ඇයට මෙම විස එන්නත ලබා දී තිබේ. ප්‍රධාන විත්තිකාරිය සිය මිතුරියක වන තවත් හෙදියකගේ සහයෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් HIV ආසාදිත රුධිර සාම්පල ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය. වින්දිත කාන්තාව විසින් ලබාගත් ඡායාරූප සහ සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සිදුකළ තාක්ෂණික පරීක්ෂණ මගින් ප්‍රධාන විත්තිකාරිය, ඇගේ මිතුරිය සහ දරුවන් දෙදෙනා ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.














