ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් පාකිස්තානයෙන් ඖෂධ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. දෙරට අතර පවතින දේශපාලන ආතතීන් සහ දේශසීමා ගැටුම් මෙම තීරණයට හේතු වී ඇති අතර, තහනම කඩකරමින් ඖෂධ ජාවාරම් කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුහු අනතුරු අඟවති. පාකිස්තානය වෙනුවට ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විකල්ප මාර්ග ලෙස ඉන්දියාව, ඉරානය සහ තුර්කිය වැනි රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ද තලේබාන් බලධාරීන් පියවර ගෙන ඇත.















