වර්තමාන රජය යටතේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට හිමි විය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ සහ නිදහස ඉතා දැඩි ලෙස සීමා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි
. “දිනන දකුණු සාමූහිකය” සංවිධානය මගින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිය කාර්යභාරය ඉටු කිරීමට ඉඩ නොදීම තුළින් ජනතා පරමාධිපත්‍යයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
පසුගිය වසර 21 පුරා තමන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කර ඇති බවත්, මීට පෙර කුඩා විපක්ෂයක් පැවති අවස්ථාවලදී පවා තිබූ ඉඩකඩ අද අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් කතානායකවරයා මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අයෙකු වීම හේතුවෙන් ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොදැන කටයුතු කරන බවත්, කතානායකවරයාට සාපේක්ෂව නියෝජ්‍ය කතානායකවරයා මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට යම් ඉඩක් ලබාදෙන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














