• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව යළි කැඳවන්න – මංගල කියයි

15 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් රටවල් පවා පිළිගන්නා තෙක් අප හදිසි කෝරෝනා මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයකට පාර කපන්නට පුළුවන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මැතිවරණය පවත්වන තුරැ රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි.

ඒ නිසා එතුමා මේ වෙලාවේ ඒ වගකීම රටේ නායකයා හැටියට භාරගෙන, පාර්ලිමේන්තුව කැඳවූ විගස වගකිව යුතු විපක්ෂයක් හැටියට අප ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහයෝගය ලබාදෙන්නටත් සූදානම් බව හෙතෙම පැවසිය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කල විශේෂ ප්‍රකාශය මෙසේය

 

 

හදිසි කොරෝනා ඡන්දය මරු කැඳවයි.  – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

 

මාසයකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව කරන මහා සටනේදී කැපකිරීම් රාශියක් කරලා තියෙනවා.

ඒ වගේම, මේ වෛරසයට මේ යුද්ධයට කෙළින්ම මුහුණ දෙන දොස්තර මහත්වරැ, ඒ වගේම සෞඛ්‍ය සේවකයින්, නර්ස්ලා, ඒ වගේම පොලීසියෙ නිළධාරීන්, හමුදාවේ නිළධාරීන් සහ අනෙකුත් රජයේ නිළධාරීන්, ජිවිත පරිත්‍යාගයෙන්, ජීවිත කැපවීමෙන් මහා කැපවීමක් කරලා තියෙනවා. එතකොට මේ කැපවීම අපි අගය කළ යුත්තේ වචනයෙන් විතරක් නෙවෙයි.

අපි මැතිවරණයක් කියලා කියන්නේ ඡන්දේ දවසේ ඡන්ද පොළට ගිහිල්ලා කතිරයක් ගහන එක විතරක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපි මැතිවරණ ක්‍රියාවලිය හරහා, සති කීපයක් තිස්සේ, හැම අපේක්ෂයෙක්ම හැම පක්ෂයක්ම ජනතාව ඒකරාශී කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම ගෙයින් ගෙට යන්නට ඕනෙ, පත්‍රිකා බෙදන්නට ඕනෙ, තමන්ගෙ පක්ෂයේ ප්‍රතිපත්ති දැනුවත් කරන්නට ඕනේ, මහමැතිවරණයක් තියෙන අවස්ථාවකදී අපේක්ෂකයින් දස දහස් ගණනක් ලංකාව පුරාම තමන්ගේ මනාප අංකය පවා දැනුවත් කරන්නට ඕනේ.

ඒ විතරක් නෙවෙයි, ඡන්දෙ දවසට අපේ පාසැල් සියල්ලම වගේ මේ රටේ ඡන්ද දායකයින් ලක්ෂ ගණනකට විවෘත කරන්නට වෙනවා.

ඒ වගේම, ඡන්දෙ දැම්මට පස්සේ ඡන්ද රාත්‍රියේ ඉඳලා සමහරවිට පැය 48ක්, 72ක් දක්වා, රජයේ සේවකයින් සියලු දෙනා ඉතා සීමිත රජයේ ගොඩනැගිලිවල ඒක රාශී වෙලා ඡන්ද ගණං කිරීමේ කටයුතුවල නියැලෙන්න වෙනවා.

අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ හදිසි කොරවන කොරෝනා මැතිවරණයක් කැඳවීම මෙතෙක් මේ රටේ ජනතාව මාසයක් තිස්සෙ කළ කැපවීම අපතේ යැවීමක්.

ඇත්ත වශයෙන්ම අහිංසක මිනිස්සුන්ගේ මලමිනී උඩින් මම නම් ඡන්දෙ කරන්නට සූදානම් නෑ. පාට පක්ෂ භේදයක් නොමැතිව, මේ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින්ගේ හෘද සාක්ෂියෙන් ඒ ප්‍රශ්නය අහන්න ඕනෙ.

එපමණක් නොව දින රහිතව මැතිවරණ කල් දැමීමටද අපිට එකඟ විය නොහැකියි. නමුත්, මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතයෙන් 100%ක්ම අපි නිදහස් බවට මේ රටේ වෛද්‍යය විෂේශඥයින්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් රටවල් පවා පිළිගන්නා තෙක් අපි හදිසි කෝරෝනා මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයකට අපි පාර කපන්නට පුළුවන්.

කෙසේ වෙතත් , ඒ මැතිවරණය පවත්වන තුරැ රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.

ඒ නිසා එතුමා මේ වෙලාවේ ඒ වගකීම රටේ නායකයා හැටියට භාරගෙන, පාර්ලිමේන්තුව කැඳවූ විගස වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහයෝගය ලබාදෙන්නටත් සූදානම්.

නමුත් හදිසි කොරෝනා ඡන්දයකින් මේ රටේ එක මිනිසෙකුගේ හෝ ජීවිතයට හානියක් නොවෙයි කියලා මැතිවරණ කොමසාරිස්තුමාට, සෞඛ්‍ය අංශවලට, ඒ දොස්තර විෂේශඥයින්ට, රජයේ වගකිවයුතු නිලධාරීන්ට පමණක් නොව මේ රටේ පවත්නා රජයට, ජනතාවට 100%ක් සහතිකවීමට හැකි නම් ඒ දවසේදී අපි පාර්ලිමේන්තු මැතිවරණය කැඳවලා අලුත් පාර්ලිමේන්තුවක් තෝරගන්නට කටයුතු කරන්නට පුලුවන්.

 

 

Post Views: 0
Previous Post

ඉන්දියාවේ Lockdown කාලය මැයි 03 දක්වා දිගු වේ

Next Post

පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරිමේ හැකියාව ගැන සොයා බැලේ

editor

editor

Next Post

පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරිමේ හැකියාව ගැන සොයා බැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved