සෑම දරුවකුම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කිරීම සඳහා ඔවුන් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යොමු කිරීම බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනය චිත්‍ර තරග සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ දිශානතිය වෙනස් විය යුත්තේ කුසලතා පූර්ණ දිශාවට බවත් ඉදිරියේ දී සිදු කරනු ලබන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් අපේක්ෂා කරනුයේ ද නිපුණතාවන්ගෙන් හෙබි සමබර දැනුමක් හා මානසික සංවර්ධනයක් ලබා සිටින නිර්මාණකරුවන් බිහි කරගැනීම බවත් ය.
අප දරුවන් අවශ්‍ය දැනුමින් සන්නද්ධ ව සිටින අතර ආකල්ප වෙනස් කළ යුතු ව ඇත්තේ දරුවන්ගේ නොව වැඩිහිටියන්ගේ බව හෙතෙම පැවසීය.
පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට ඊට අදාළ සියලු ආයතන හා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කරන බවත් සෑම දරුවකු ම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කිරීම සඳහා ඔවුන් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යොමු කිරීම බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
තර්ස්ටන් විද්‍යාලයීය චිත්‍ර කලා සංගමය මගින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කළ අතර මාර්තු මස 2 සහ 3 යන දිනයන්හි දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ජේ. ඩී. ඒ. පෙරේරා ශාලාවේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
මේ අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඇතුළු ගුරුභවතුන් හා සිසුහු සහභාගි වූහ.