27 April 2024
#දේශීය

මාතලේ පාසල් හැර ගිය තරුණ තරුණියන් වෙනුවෙන් වැඩසටහනක්

පාසල් හැර ගිය තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සමෘද්ධි මූලාස්ථාන කළමණාකාර ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වූ අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරි, මාතලේ කාර්මික විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි ,වෘත්තිය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ආධුනිකත්ව පරීක්ෂක නිලධාරී විසින් සම්පත් දායකත්වය ලබාදුන් අතර වැඩසටහන සම්බන්ධීකරණය මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය හා නිපුණතා සංවර්ධන නිලධාරි විසින් සිදුකරල ලදී.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *