දිවයිනේ පාසල් පද්ධතිය තුළ සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නවීන උපකරණ සැපයීමේ විශේෂ ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රුපියල් මිලියන 1,215ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026 සිට 2028 දක්වා වසර තුනක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සංගීතය, නර්තනය, චිත්‍ර කලාව සහ රංගනය වැනි විෂයයන් සඳහා අවශ්‍ය උපකරණවල පවතින දැඩි හිඟය සහ දැනට ඇති උපකරණ බොහොමයක් යල් පැන ගොස් තිබීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සිදුවන බාධාවන් වැළැක්වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වේ. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් පාසල් දරුවන්ට ගුණාත්මක සෞන්දර්ය අධ්‍යාපනයක් ලබා දීම තහවුරු කෙරෙනු ඇත.














