බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.
අද (23) උදෑසන 7.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් ඉවුරක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ
මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.