• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පැවැති ආණ්ඩුවට චෝදනා කර වගකීමෙන් ගැලවීමට සූදානම් නෑ – රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

31 January 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය ආණ්ඩුවට දොස් පවරා වගකීම්වලින් නිදහස් වීමට වත්මන් ආණ්ඩුව කිසි සේත්ම උත්සහ නොකරන බවත්, එම රජයේ වැරැදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පීඩාවට පත් සියලු ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැඳුම්කර වංචාව හේතුවෙන් 8%ක ප්‍රතිශතයේ තිබූ බැංකු පොලී අනුපාතය 15% ඉක්මවා ඉහළට ගමන් කර රටේ සියලු ව්‍යාපාර බංකොලොත්භාවයට පත් වූ බවයි.

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්ය භාරය පිළිබඳ ව්‍යාපාරිකයන් සහ බැංකු නියෝජිතයන් දැනුම්වත් කිරීම සඳහා අනුරාධපුර මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති උතුරු මැද පළාත් වැඩමුළුවට අද (31) එක් වෙමිනි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, වෙළෙඳ සංගම් නියෝජිතයෝ, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක් සිටියහ.

ව්‍යාපාරික ප්‍රජාවට මුල්‍ය පහසුකම් ලබා ගැනීමෙහි ලා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සහ මහ බැංකුවේ කාර්ය භාරය මෙහි දී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ව්‍යාපාරික ප්‍රජාවට ඍජුවම මහ බැංකුව සහ ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව උදා විය.

දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසායකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක ණය සහන පැකේජය පිළිබදව ව්‍යාපාරිකයන් මෙහි දී රජයට පැසසුම් එක් කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ව්‍යාපාරිකයන්ගේ සහ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ඉදිරිපත් කරන යෝජනා අනුව මෙම සහන පැකේජය යම් සංශෝධනයන්ට ලක් කිරීමට සූදානම් බවයි. ආණ්ඩුව ජනතාවට හොදින් ඇහුන්කන් දෙමින් අදාළ ගැටලු හදුනාගෙන ඊට අවශ්‍ය පරිදි කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ණය සහන සම්බන්ධයෙන් බැංකු වෙත දැනුම් දීම සදහා ලබා දී තිබූ කාලය ජනවාරි 31 සිට පෙබරවාරි 10 දක්වා දීර්ඝ කළේ ද ඒ අනුව බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික දැක්ම යටතේ 6.5%ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ පළමු පියවර ලෙස සහන ලබා දීම ආරම්භ කළ බව කියා සිටී සේමසිංහ මහතා පැවැති රජයේ ප්‍රධාන දුර්වලතාව වූයේ ජනතාවට ඇහුන්කම් නොදීම බව ද කියා සිටියේ ය. 2015 ජනවාරි මස 8 වැනි දා සිට ජනතාවට ඇහුන්කම් නොදෙමින් රජය ක්‍රියාත්මක කළ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති රටේ ආර්ථික වර්ධන වේගය 1.6%කට ඇද දැමූ බව ද අමාත්‍යවරයා පැවැසීය.

මේ කුමන චෝදනා පැවැති රජයට එල්ල කළ ද එම චෝදනා එල්ල කර වගකීම් ගැලවීමේ අවශ්‍යතාවක් වත්මන් රජයට නැතැයි පැවැසූ සේමසිංහ අමාත්‍යවරයා නව බදු සහන හේතුවෙන් ජනතාව ප්‍රකෘතිමත් වෙමින් ඇතැයි ද පේනවා දුන්නේ ය.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.කේ. ධර්මවර්ධන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 3
Previous Post

මෙරට සමාජ ජාල භාවිතයට නව නීති සම්පාදනය කල යුතුයි – ඇමැති නිමල්

Next Post

ආණ්ඩුව තෙල් මිලේ පැටලේ !

editor

editor

Next Post

ආණ්ඩුව තෙල් මිලේ පැටලේ !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved