විවෘත වරෙන්තුවක් ඇතුළු වරෙන්තු හතරක් නිකුත් කර තිබියදී කාන්තා පෙනුම වෙනස් කර පිරිමියෙකු ලෙස වෙස් මාරු කරමින් පොලිසිය මගහරිමින් සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කළුපාලම යට ඩිලූ’ නමැත්තිය බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 150කට අධික වටිනාකමකින් යුත් හෑෂ් සහ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
වර්ණකුල කන්නන්ගර අධිකාරම්ගේ තරංගා දිල්රුක්ෂි මධුෂානී පෙරේරා හෙවත් 30 හැවිරිදි මෙම සැකකාරිය, පොලිස් ඇසට වැලි ගසමින් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යාම සඳහා සිය කොණ්ඩය කොටට කපා පිරිමි ඇඳුම් කට්ටලවලින් සැරසී සිටි බව අනාවරණය වී ඇත. බොරලැස්ගමුව නිර්මල මාවතේ තාවකාලිකව පදිංචිව සිටියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, ඇයට එරෙහිව අධිකරණය මගහැරීම සම්බන්ධ














