ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.
මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය. ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත.
ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ. එළැඹෙන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා ඇති හෙයින්, තවත් අන්තර්ජාතික තරගාවලි වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දීමට පුබුදු දසනායක බලාපොරොත්තුවෙන් සිටී.