2021 වසරේ පැවැති විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අදාළ නඩුව එළැඹෙන මාර්තු 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (19) නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකාරියන් ලෙස හිටපු විවාහක ලෝක රූ රැජිනක වන කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් නම් කර ඇත. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අද දින නඩු විභාගය පැවැත්වුණු අවස්ථාවේදී එක් විත්තිකරුවෙකු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සිදු කරන ලදී. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී එනම් මාර්තු 23 වැනිදා සිදු කිරීමට නියෝග කළේය.
වසර තුනකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම හරහා තමන්ට ශාරීරික හා මානසික පීඩා සිදු වූ බවට පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.














