• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුළුල් සන්ධානයට අත්වැල් බැඳ ගන්න එන්න – අගමැති රනිල්

16 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනෙක් සියළු භේද පසෙක ලා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා අයතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නූපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් පුළුල් සන්ධානය හා අත්වැල් බැඳ ගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (16) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ වර්තමානයේ අධිකරණය ඇතුළු බොහෝ ආයතනයන්ට ස්වාධීනව කටයුතු කරන්න පරිසරය සැකසුණේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළුව අප ගත් ප්‍රගතිශීලී පියවර නිසා බවයි. පසුගිය වසර තුනහමාරක් තුළ අප වැපිරූ යහපත් බීජ වල ප්‍රතිපල අද රටම භුක්ති විදින බවත් එය අපට සතුටට කරුණක් බව හෙතෙම පැවසිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක්.

අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ඔබ සියළු දෙනාම දන්නවා. සර්ව ජන ඡන්ද අයිතිය අපට ලැබිලා දැන් අවුරුදු 87 ක් වෙනවා. මේ අවුරුදු 87 තිස්සේම අපේ රටේ ජනතාව ව්‍යවස්ථාව ආරක්‍ෂා කළා. මූලික අයිතීන් ආරක්‍ෂා කළා. ඒවාට තර්ජනයක් වූ හැම අවස්ථාවේම ව්‍යවස්ථාවත්, තමන්ගේ අයිතීනුත් ආරක්‍ෂා කරන්න පෙරට ආවා.

2015 ජනාධිපතිවරණයේදී වුණේත් ඒකයි. ව්‍යවස්ථාව සහ ජනතාවගේ අයිතීන් පාගා දමමින් තිබුණු යුගයක් අවසන් කරන්න ඔබ සියළු දෙනා අත්වැල් බැඳ ගත්තා. අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේත් ජනතා අයිතිවාසිකම් වැඩි වැඩියෙන් ආරක්‍ෂා කරලීමේ අරමුණින්. ව්‍යවස්ථාවට පටහැනිව හා විරුද්ධව ක්‍රියා කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා වෙන්නේ නැති බව මම අවධාරණය කරන්නට කැමතියි.

රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. බහුතර සහයෝගයක් නැතිව අගමැතිවරයෙකුට රටක් ඉදිරියට ගෙන යන්නට බැහැ. ඒ වගේම අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අගමැති සහ ඇමතිවරු තනතුරු වලින් ඉවත් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු වසර හතරහමාරක් යන තුරු විසුරුවා හැරීමට කිසිදු බලයක් කිසිවෙකුටත් නෑ. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ යෝජනාවක් මගින් පමණයි.

මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමේ වරද මැතිවරණයකට මුවාවී නිවැරදි කරගන්න බෑ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද සඳහන් වෙනවා.
නඩු තීන්දුවේ 85 වෙනි පිටුවේ ඇති ජේදයක් මම සිංහලට පරිවර්තනය කර කියවන්නම්.

සමහර වගඋත්තරකාර පාර්ශවයන් පෙන්වා දුන්නේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතිෙක්‍ෂ්ප කිරීමෙන් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය උදාවෙන බැවින් ජනතාවගේ සර්වජන අයිතිය ආරක්‍ෂා වන බවය. නමුත් ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනිව මැතිවරණයක් පැවැත්වීමට අවකාශ ලබාදීමෙන් සර්වජන ඡන්ද අයිතිය ආරක්‍ෂා නොවේ. එවැනි මහ මැතිවරණයක් නීතිවිරෝධි වන අතර එහි ප්‍රතිපලයද ප්‍රශ්න කිරීම්වලට ලක්විය හැකිය. මහමැතිවරණයක් වලංගු වන්නේ එය නීත්‍යානුකඣලව පැවැත්වුවහොත් පමණි. එබැවින් ව්‍යවස්ථාවට පටහැනි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ සර්වජන ඡන්ද බලය රැකදෙන ක්‍රියාවලියක් නොවේ.”
පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මම අරලියගහ මන්දිරයේ ඉඳන් කිව්වෙත් ඒ දෙයමයි. මම එදා කිව්වේ අපේ මේ සටන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. යුක්තිය වෙනුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන්. නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්. ශීලාචාරත්වය සහ සදාචාරත්වය වෙනුවෙන්, කියලායි. මේ සටන අපි ජය ගන්නවා කියලාත් මම කිව්වා.

මම අද කියන්නෙත් ඒ දේමයි. හෙට කියන්නෙත් ඒ දේමයි. මගේ වචනය මම රකිනවා. කියන දේ කරනවා. කරන්න පුළුවන් දේවල් පමණක් කියනවා.

ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා අයිතීන් රැක ගැනීමට මේ රටේ බොහෝ දෙනා එකට එකතු වුණා. ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්‍ෂ භේදයකින් තොරව, ශ්‍රී ලාංකිකයන් ලෙස, තමන්ගේ හෘද සාක්‍ෂිය ගරු කරන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මේ සටනේ පෙරමුණ ගත්තා. විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මේ සටනට හැකි ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දුන්නා. ඔවුන් හැමදෙනාම මේ සටනට එක්වුණේ පුද්ගලික න්‍යාය පත්‍ර උදෙසා නෙවෙයි. රට වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

ඒ සියළු දෙනාට මම මගේ හිස නමා ආචාර කරනවා.

ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, අපට මග පෙන්වූ මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකතුමන්ලාටත් මගේ ගෞරවය පිරිනමනවා.

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්‍ෂා කරගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ගරු කතානායකතුමා, අපේ මැති ඇමතිවරු, අපේ මන්ත්‍රීතුමන්ලා උපරිමයෙන් කැපවුණා. වෙහෙසුණා. ඒ සියළු දෙනාට මගේ හිතෛශීභාවය මා පුද කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු අපේ අධිකරණ ආයතන සිය ස්වාධීනත්වය හා පෞරුෂය ලොවටම ප්‍රදර්ශනය කළා. අධිකරණයටත්, අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිඥවරුන්ටත් මම කෘතඥතාව පළ කරනවා.
ඒ වගේම නීතිය ආරක්‍ෂා කරමින්, සාධාරණත්වය ඉටු කළ රජයේ සේවකයින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් සියළු දෙනාට ද මගේ කෘතවේදීත්වය පිරිනමනවා.

කළු මාධ්‍යකරුවන්ගේ බලපෑම් මධ්‍යයේ සත්‍යය වෙනුවෙන් සටන් කළ ජනමාධ්‍යවේදීටත්, සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුළු ලෝකයටම ඇත්ත ප්‍රකාශ කරන්නට ස්වේච්ඡාවෙන් දිවා රෑ වෙහෙසුණු සියළු දෙනාටත් මම මගේ ප්‍රණාමය පළ කරනවා.

අපි 2015 ජනවාරි මාසයේත්, 2015 අගෝස්තු මාසයේත් ජනවරමක් ලබා ගත්තේ මේ රටේ යහපාලනයක් ඇති කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නයි. දූෂණ වංචාවන් වළක්වාලන්නයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කර, පාර්ලිමේන්තුව බලාත්මක කරන්නයි. ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කරන්නයි.
පසුගිය වසර තුනහමාරක කාලය තුළ අපි බොහෝ දේ කළා.

වර්තමානයේ අධිකරණය ඇතුළු බොහෝ ආයතනයන්ට ස්වාධීනව කටයුතු කරන්න පරිසරය සැකසුණේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළුව අප ගත් ප්‍රගතිශීලී පියවර නිසා යි. පසුගිය වසර තුනහමාරක් තුළ අප වැපිරූ යහපත් බීජ වල ප්‍රතිපල අද රටම භුක්ති විදිනවා. එය අපට සතුටට කරුණක්.

ඒත් කරන්න බැරි වුණු දේත් තියෙනවා. සමහර වැඩ කටයුතු වල වේගය බාල වුණා. සමහර වැඩ කටයුතු අවසන් කරගන්න බැරිවුණා. ඒත් අපේ කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා. අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා. විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කරනවා. විවිධ ජාතීන්ට සාමයෙන්, සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් අපි ඇති කළා. අපි සාමය හා සංහිදියාව වෙනුවෙන් නිරන්තරව කැප වෙනවා.
දැන් අප ඉදිරියට යා යුතුයි.

මේ වන විටත් අප විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ ගණානාවක් සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුටම සාධාරණත්වය ඉටු වෙන දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා අපි දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනවා.

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා රට බෙදන එල්ටීටීඊ සංවිධානය සමග ගිවිසුම් ගහන්නට මම ගියේ නෑ, එදා මම මගේ මාතෘභුමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කළා. අදත් මම ඒ ප්‍රතිපත්තියෙන් වෙනස් වෙලා නෑ.
අනාගතයේ අපේ අපේක්‍ෂාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීමේ පුළුල් සංධානයක් පිහිටුවීමයි. අනාගත පරම්පරාවට බියෙන් තොරව හිස කෙලින් තබාගෙන නිදහසේ ජීවත්විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන, සියල්ලන්ගේම අයිතීන් රැක දෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි. කිසිදු අවස්ථාවක, කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි.

මගේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක්. ඔබේ හදවත ඉල්ලා සිටින්නේත් එවැනි ශ්‍රී ලංකාවක්. අප සියළු දෙනාගේම හදවත් ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක්.

ඒ නිසා අනෙක් සියළු භේද පසෙක ලා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා අයතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නූපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් මේ පුළුල් සංධානය හා අත්වැල් බැඳ ගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

අපි අපේ හදවතේ ඉල්ලීමට ඉඩ දෙමු..!
ඔබ සැමට ස්තුතියි.

Post Views: 2
Previous Post

නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම හෙට නෙමෙයි …… අනිද්දා…!

Next Post

මේ සටන් ඉවර නෑ … ! මේක ඓතිහාසික සටනක් රාජිත කියයි

editor

editor

Next Post

මේ සටන් ඉවර නෑ ... ! මේක ඓතිහාසික සටනක් රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved