27 April 2024
#දේශීය

මේ සටන් ඉවර නෑ … ! මේක ඓතිහාසික සටනක් රාජිත කියයි

ඉදිරි වසරක කාලය තුල රාජ්‍ය පාලනය කිරිම සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ මහතා කොළඹ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවැති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ පසුගිය ජනතා අරගලයෙන් ප්‍රථම ජයග්‍රහණය වන්නේ රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයට පත් කිරීම බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා – “ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය අද හිමි වුනා. දින 50 ක අරගලයකින් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධූරයට පත් කෙරුනා. එකමුතුභවේ සටනක ප්‍රතිඵලයක් ලෙස මම එය හදුන්වනවා. මෙම ජන සටන තවම අවසන් නැහැ. අමාත්‍ය මණ්ඩලය පත් කර ජනතාවගේ යුතුකම් ඉටු කළ යුතුයි. ඉදිරි වසරක කාලය සදහා ජනතාවාදී වැඩපිළීවෙළක් ඉදිරිපත් කර වසර 2020 දී පැවැත්වෙන මැතිවරණයත් අපි ජයග්‍රහණය කරනවා. ජනතා සේවාව වෙනුවෙන් අපි කැපවෙනවා. නව ආකර්ශණීය ජන ප්‍රසාදයකින් යුත් ආර්ථීක හා සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. වසර 2020 දී නව රජය පිහිටුවමින් එය වසර 2025 දක්වා අපි ගෙනයනවා. මෙය ඓතිහාසික සටනක්. ලෝක ඉතිහාසයේම ලියවෙනවා. ඊනියා අග්‍රාමාත්‍යවරයා අපි පරාජයට පත් කළා. මෙම ජනතා අරගලයට සහයෝගය දැක් වූ සියලුම දෙනාට මම ස්තූතිය පුද කරනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *