පොල් තෙල් පාරිභෝජනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ අරමුණින් ෂැෂේ ආකාරයේ ඇසුරුම්වලින් පොල් තෙල් අලෙවි කිරීම පිළිබඳව පොල් සංවර්ධන අධිකාරිය දැඩි අවධානයක් යොමු කර ඇති බව එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නන්දන කනුගල මහතා පවසයි.
ගෘහස්ථ පොල් නාස්තිය අවම කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති වැඩසටහනකදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, බැරල්වල පුරවන ලද පොල් තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු පවතින බවයි.
ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට විශ්වාසදායක හා ප්‍රමිතියෙන් යුත් තෙල් ලබාදීමේ නව ක්‍රමයක් ලෙස ෂැෂේ ඇසුරුම් යෝජනා කරන බවද ඔහු පැවැසීය.
මෙම යෝජනාවට අනුව මිලි ලීටර් 150, 200 ආදිය ලෙස විවිධ ප්‍රමාණවලින් පාරිභෝගිකයාට පොල් තෙල් ලබා ගත හැකි වන අතර, ජනතාවට දරාගත හැකි මිලකට එය අලෙවි කිරීමේ දී අධිකාරිය විශේෂ සැලසුම් සලස්වන බවද කනුගල මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, “ජනතාවට විශ්වාසදායකව පරිභෝජනය කළ හැකි ගුණාත්මක පොල් තෙල් ලබාදීම අපගේ ප්‍රමුඛ අරමුණකි. එම නිසා ෂැෂේ ඇසුරුම් ක්‍රමය එදිනෙදා පරිභෝජනයට ගැළපෙන විසඳුමක් වේ” යන්නයි.