මේ වන විට වෙළද පොලෙහි ලුණු හිගයක් පවතින අතරතුර නැවත වතාවක් පොල් මිලද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව වෙළඳ පොලේ පොල් ගෙඩියක මිල යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා.
ඇතැම් ප්‍රදේශ වල පොල් කිලෝ ගණනටද විකුණන්නට තිබෙන බව සදහන්.
එසේම මරඳගහමුල සහල් වෙළඳපොළේ සම්බා සහල් සහ කීරී සම්බා හිඟයක් පවතින බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් ප්‍රකාශ කළා.