පරිසර සුරැකීමේ අරමුණින් මෙතෙක් නොමිලේ ලබාදුන් ග්‍රොසරි බෑග් සඳහා රු. 3 සිට 5 දක්වා මුදලක් අය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් ජාල (Cargills, Keells, Arpico, Laughs) තීරණය කර තිබෙනවා.
මෙම පියවර හරහා මතුවන්නේ මොනවාද ?
ප්ලාස්ටික් භාවිතය අවම කර පරිසරය ආරක්ෂා කිරීම.
මෙමගින් ප්ලාස්ටික් භාවිතය සැබෑ ලෙසම පාලනය වේද, නැතහොත් එය ව්‍යාපාරික ආයතනවල පිරිවැය පාරිභෝගිකයා පිට පැටවීමක්ද යන්න.
පරිසර හිතකාමී විකල්ප (උදා: රෙදි බෑග්) ප්‍රවර්ධනය කිරීමට වඩා, පොලිතින් බෑග් විකිණීම මගින් අතිරේක ලාභයක් උපයන්නේද යන සැකය.
භාණ්ඩවල මිල ඉහළ මට්ටමක පවතින පසුබිමක, බෑගය සඳහාත් මුදල් අය කිරීම පාරිභෝගිකයාට අමතර බරක් වීම.
සංඛ්‍යාලේඛන දෙස බලමු
අවුට්ලට් ප්‍රමාණය: කාගිල්ස් (500+), කීල්ස් (130+), ආර්පිකෝ සහ අනෙකුත් ජාල සමඟ දිවයින පුරා ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් 800කට අධික ප්‍රමාණයක් ඇත.
දෛනික පාරිභෝගික සංඛ්‍යාව: දළ වශයෙන් දිනකට ලක්ෂ 10කට (මිලියනයක්) අධික පාරිභෝගිකයින් පිරිසක් මෙම සැල් වෙත පැමිණෙති.
බෑග් අලෙවිය: ඉන් 60%ක් පමණ පිරිසක් අවම වශයෙන් එක් බෑගයක් හෝ මුදලට ලබා ගන්නේ යැයි උපකල්පනය කළහොත්, දිනකට අලෙවි වන බෑග් ප්‍රමාණය 600,000කි.
දෛනික ආදායම: බෑගයක සාමාන්‍ය මිල රු. 5ක් ලෙස ගතහොත්, දිනකට රුපියල් ලක්ෂ 30ක (මිලියන 3ක) අමතර ආදායමක් ව්‍යාපාරිකයින් අතට පත්වේ.
මාසික ආදායම: මෙය මසකට රුපියල් මිලියන 90ක් වැනි දැවැන්ත මුදලකි. (hari deshaya හරහා මෙම තොරතුරු උපුටුා ගන්නා ලදී)
මුදල් යන්නේ කාගේ සාක්කුවටද?
වඩාත්ම මතභේදාත්මක කරුණ වන්නේ මෙයයි. සාමාන්‍යයෙන් රජය විසින් පනවන ‘පරිසර බද්දක්’ (Green Tax) නම්, එම මුදල මහා භාණ්ඩාගාරයට හෝ මධ්‍යම පරිසර අධිකාරියට (CEA) යා යුතුය.
නමුත් වර්තමානයේ පාරිභෝගිකයාගෙන් අය කරන මෙම රුපියල් 5ක මුදල සෘජුවම බැර වන්නේ අදාළ ව්‍යාපාරික ආයතනයේ ලාභ ගිණුමටයි.
මෙම පනත හෝ රෙගුලාසිය හරහා සිදුව ඇත්තේ ව්‍යාපාරිකයාට මෙතෙක් බෑග් සඳහා වැය වූ පිරිවැය (Cost) ඉතිරි වීම. සහ පොලිතින් බෑග් ලාභ ලබන භාණ්ඩයක් වීමයි.













