ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීම සඳහා කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හැදුනු පක්ෂයක් බවද අමාත්‍යවරයා කීය .
පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය .
සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.
පොහොට්ටුව කැඩුවේ රනිල් නෙවේ