බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වේල ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමි පස්වරුවේදී යළි ආහාර ලබා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමල බන්ධනාගාරයෙන් ලබාදෙන දහවල් ආහාර වේල අනුභව කිරීම ඊයේ ප්‍රතික්ෂේප කළා.
උන්වහන්සේ සහ තවත් හිමිවරු තිදෙනෙක් ඇතුලු නව දෙනෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේයි.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා එම නියෝගය නිකුත් කළා.














