බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී තිබෙනවා.
කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන්
යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇති බවයි ඔවුන් පැවසුවේ.