සෞදි අරාබියේ ඉන්දියානු උම්රා වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් සඳුදා 17 දින අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙන බවයි එරට මාධ්‍ය අංශ පවසා සිටියේ.
වන්දනා කණ්ඩායම මක්කාවේ සිට තෙලන්ගානා ප්‍රාන්තයට රැගෙන යමින් සිටියදී, අලුයම 1:30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
මූලික වාර්තාවල සඳහන් වන්නේ වන්දනා කණ්ඩායමේ මරණවලින් අඩකට වඩා කාන්තාවන් සහ ළමයින් බවයි.
ගලවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා සෞදි පොලිසිය සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම් එම ස්ථානයට පැමිණියද, අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බොහෝ මළ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී තිබූ බව විදෙස් වාර්තාවල සදහන්.
ඛේදජනක අනතුර පිළිබඳව “දැඩි කම්පනයක්” ප්‍රකාශ කරමින්, අවශ්‍ය සහන පියවර වහාම ආරම්භ කරන ලෙස තෙලන්ගානා මහ ඇමති රේවන්ත් රෙඩ්ඩි විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) සහ සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.














