බස් රථවල සිවිල් ඇඳුමින් සැරසී රියදුරන් සිදුකරන වැරදි නිරීක්ෂණය කිරීම නවතා දමා මාර්ගයේ සිට නීතිය ක්රියාත්මක කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
රියදුරන් සිදුකරන වැරදි මාර්ගයේ සිට නිරීක්ෂණය කර නීතිය ක්රියාත්මක කිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා සඳහන් කළේය.
බස් රථවල සිට වැරදි සිදුකරන රියදුරන්ට නීතිය ක්රියාත්මක කිරීමට යාම පිළිබඳව රියදුරන්ගේ විරෝධයක් පළවෙමින් තිබෙන බවත්, මෙම ක්රියාව නවතා දැමීමට කටයුතු නොකළ හොත් බස් රථ වර්ජනයක් පවා සිදුවිය හැකි බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ඇතැම් රියදුරන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පවා පැමිණලි කිරීමට සැලසුම් කර තිබෙන බවත්, පවතින තත්ත්වය පිළිබඳ වැඩබලන පොලිස්පති තුමා සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
බස් රථවල සවිකර තිබෙන අමතර උපාංග ඉවත් කරන ලෙසට තම සංගමය පවා බස් හිමියන් දැනුවත් කරමින් තිබෙන බවද, අමතර උපාංග සවිකිරීමට පසුගිය කාලයේ සිටි බලධාරීන් අවසර පවා ලබා දී තිබූ බවද ඔහු පවසා සිටියේය.
රජයට මුදල් ගෙවා ඇතැම් බස් හිමියන් අමතර උපංග සවිකර තිබෙන බවත්, කෙසේ නමුත් බස් රථවලට අමතර උපාංග සවි කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.