නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දිනකට රුපියල් මිලියන 75ක මූල්‍ය පාඩුවක් ලබන බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ආනයනය කරන ලද ගල්අඟුරු තොගයේ තාප ධාරිතාව (calorific value) නියමිත ප්‍රමිතිය වන කිලෝ කැලරි 19,100ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව රසායනාගාර පරීක්ෂණ මගින් හෙළි වී ඇති බවයි.
බාල ගල්අඟුරු භාවිතය නිසා එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 15 බැගින් යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 45ක ජනන ධාරිතාවක් අහිමි වී ඇති අතර, සමස්තයක් ලෙස මෙගාවොට් 100ක පමණ විදුලිය උත්පාදනය අඩාල වීමෙන් මෙම දැවැන්ත පාඩුව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර කළුතරදී මාධ්‍ය ඇමතූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ ඉන්දියාවට යවන ලද සාම්පල පරීක්ෂාවෙන් ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලුවක් නොමැති බවත්, ගිවිසුම්ගත ප්‍රමිතියට වඩා අඩුවෙන් පවතින තාප ධාරිතාව වෙනුවෙන් අදාළ සැපයුම්කාර සමාගමට ‘දෙගුණයක’ දඩයක් පැනවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනටමත් ගල්අඟුරු නැව්ගත කිරීම් තුනක් දිවයිනට පැමිණ ඇති අතර, ඉදිරි තොග ද පරීක්ෂාවට ලක් කර ප්‍රමිතිය බාල වුවහොත් ඒ සඳහා ද වන්දි අය කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














