තායිලන්තයේ බැංකොක් නුවර සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමඟ 19 හැවිරිදි ශිෂ්‍යයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
අද (10) අලුයම බැංකොක් සිට පැමිණි තායි ගුවන් සේවයට අයත් TG-307 දරණ යානයෙන් කටුනායකට පැමිණි මොහු, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කර ඇත. එහිදී රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී ඔහුගේ ගමන් මලු තුනක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ප්‍රිලෝඩෙන්ඩ්‍රම්, ඇග්ලෝනිමා, ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ග වලට අයත් විසිතුරු මල් පැළ 386ක් සොයාගෙන තිබේ.
මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සම්බන්ධයෙන් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














