• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැඳුම්කර චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි – රජිත් කීර්ති

6 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යහපාලන රජය යටතේ 2015 හා 2016 වසරවල සිදු වූ බැදුම්කර වංචාවන් දෙකට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය යුතු බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

රාජගිරියේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා පැවසූවේ “යහපාලන රජයේ පළමු බැදුම්කර වංචාවට සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ ද, දෙවන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම දිගු කලක් මෙරට ජනතාවගේ බලාපොරොත්තුව බවයි.  දෙවන බැදුම්කර වංචාවට එරෙහිව අධිකරණ කටයුතු ඇරඹීම සතුටක්. එලෙසම, පළමු බැදුම්කර වංචාවට සම්බන්ධ දේශපාලන නායකයින් – මහ බැංකුවේ සහ අනෙකුත් නිලධාරීන් ඇතළු සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය යි. 

බැදුම්කර වංචාවට ව්‍යාපාරිකයින් විසින් සැලසුම් කොට, දේශපාලන නායකත්වයේ පූර්ණ අනුදැනුම සහ කුමන්ත්‍රණකාරීත්වයක් සහිතව,  සිදුකළ අපරාධයක්.  එය සැලසුම් කළ සහ එයට මාවත විවර කළ මහ මොළකරුවන්ට එරෙහිව ද අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය. 

ඊයේ දිනයේ 2016 මාර්තු 29 දින සිදු වූ දෙවන බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.  එයින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එනම් අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දියෙ පුංචිහේවා මේ වන විටත් ලංකාවෙන් බැහැරව ජීවත් වේ. ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජයට තවමත් හැකිවී නෑ.   

2016 මාර්තු 29 දින සිදු වූ දෙවන බැදුම්කර වෙන්දේසියේ දී රුපිල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. බැදුම්කර කොමිෂන් සභාවේ දී හා වෝහාරික විගණන වාර්තාවේ කරුණු අනුව දෙවන බැදුම්කර වංචාවේ දී රු. බිලියන 10 ක  බැදුම්කර මිලදී ගැනීම සදහා පුවත්පත් දැන්වීම් පළ කොට රු. බිලියන 77ක බැදුම්කර මිලදී ගනු ලැබ ඇත.  එයින් රු. බිලියන 36 ක බැදුම්කර මිලදී ගෙන ඇතත්තේ පර්පචුවල් ට්‍රෙෂරීන් සමාගමයි.  ඔවුන්, රු. 74 සිට රු. 77 දක්වා මුදලක් මිලදී ගත් බැදුම්කර සති කිහිපයකක් තුල පුද්ගලික හා රජයේ බැංකු හරහා සේවක අර්ධසාධක අරමුදලට අලෙවි කොට ඇත්තේ රු. 90 සිට රු. 97 දක්වා පරාසයකට ය.  සේවක අර්ධසාධක අරමුදලේ බැදුම්කර මිලදී ගන්නා නිලධාරීන් වූ ඉන්­දික සමන් කුමා හා සංරපිල්ලේ පදුමනාපන් ට එදින වංචාව සිදු වූ දින බැදුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් නොවූ අතර, කොමිසම හමුවේ ප්‍රකාශ වූයේ ඉන්දික සමන් කුමාට ට නිද්ද ගිය බැවින් ඔහු එදින ගණුදෙනු සදහා මැදිහත් නොවූ බවයි. 

එමෙන්ම,  බැදුම්කර ගනුදෙනුවට පෙර එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක මහතා කෘතීම ලෙස බැංකු පොලිය පහත දැමීම සදහා රාජ්‍ය හා පුද්ගලික බැංකු ප්‍රධානීන් 6 දෙනෙකුට උපදෙස් ලබා දුන් බව කරුණු බැදුම්කර කොමිසන් සභාවේ දී කරුණු අනාවරණය විය.  බැදුම්කර මිලදී ගැනීම සදහා පර්පචුවල් සමාගම සතුව මුදල් තිබී නොමැති අතර, එම මුදල් ලබා දී ඇත්තේ මහ බැංකුව මගිනි.  එම මුදල් එක් දිනක් තුල ආපසු ගෙවිය යුතුව තිබූ නමුත්, එම මුදල් පර්පචුවල් සමාගම වෙතින් මහ බැංකුවට එදිනම ගෙවා නොමැති බවත්, යාපනයේ සිට අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාට ඒ පිළිබද දැනුම් දුන් නමුත් එයින් ද, ප්‍රතිඑලයක් ලැබී නොමැති බව බැදුම්කර කොමිෂන් සභාවේ දී අනාවරණය විය. 

පර්පචුවල් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව වෙළෙදපොළ මිල තම වාසිය සදහා කෘතීමව ඉහල දැමීම, ප්‍රාථමික අලෙවිකරුවන් විෂයෙහි ලා නිකුත් කර ඇති ආචාර ධර්ම උල්ලංඝනය කිරිම යන චෝදනා එල්ල වී ඇත. 

දෙවන බැදුම්කර වංචාව හා එයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භවීම වැදගත් වේ.  එලෙසම, පළමු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු ද, මාර්තු මාසය තුලම ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ දී ආරම්භ වනු කළ හැකි වනු ඇත.  බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පුරවැසියන්ගේ අපේක්ෂාවයි.  2005 සිට  2015 දක්වා කාලය තුල ද අවස්ථා ගණනාවක දී බැදුම්කර නිකුත් කිරීමේ දී වංචා සිදුව ඇති බව වෝහාරික විගනණ වාර්තාවේ දැක්වේ.  ඒ පිළිබද කිසිදු විධිමත් විමර්ශනයක් මේ දක්වා සිදුවී නොමැති බව ද, තෙන්නකෝන් මහතා පැවසීය.

Post Views: 1
Previous Post

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

Next Post

ලේබල් වූ දුෂිතයන්ට අපේක්ෂකත්වය නොදෙන්න : ත්‍රෛ නිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක් !

editor

editor

Next Post

ලේබල් වූ දුෂිතයන්ට අපේක්ෂකත්වය නොදෙන්න : ත්‍රෛ නිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved