27 April 2024
#දේශීය

ලේබල් වූ දුෂිතයන්ට අපේක්ෂකත්වය නොදෙන්න : ත්‍රෛ නිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක් !

එළඹෙන මහ මැතිවරණය හමුවේ ඒ සඳහා ඉදිරිපත් කල යුතු අපේක්ෂකයන්ගේ නිර්ණායක කිහිපයක් පදනම් කරගෙන ජනාධිපතිගේ අවධානයට යොමුකරන ලෙස ඉල්ලා ත්‍රෛ නිකායික මහ නායක හිමිවරුන් වෙත ආයාචනයක් සිදුකර ඇත.

විශේෂ ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ බුදුගල ජිනවංශ හිමි විසින්ය.
2020.03.05  දින යොමුකර ඇති එකී ලිපිය පහත දැක්වෙයි.

ත්‍රෛ නිකායි මහානයක ස්වාමීන් වහන්සේ වෙත, 


දෙපානැමැද ලියමි.


දූෂිතයන් ලෙස ලේබල් වූ පුද්ගලයන් සදහා නාම යෝජනා ලබා නොදීම.

2020 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා විවිධ පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිධූර අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම පූර්ව චරිත ස්වභාවය පිළිබද විශේෂ අවධානයක් යොමු කල යුතුය. රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා බුද්ධිමත් සහ විනයගරුක පුද්ගලයන් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව සදහා තෝරා පත් කර ගත යුතුව ඇත.ඒ අනුව,

  • සුරාසැල් සම්බන්ධ ව්‍යාපාර සිදු කරන පුද්ගලයන්

  • නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර සිදු කරන පුද්ගලයන්

  • ළමා අපයෝජන හා ස්ත්‍රි දූෂණ සම්බන්ධ වැරදිකරුවන්

  • මනුෂ්‍ය ඝාතන සම්බන්ධ වැරදිකරුවන්

  • මූල්‍ය වංචාවන්ට චෝදනා ලැබූ පුද්ගලයන්

  • සූදූ පොලවල් පවත්වාගෙන යනු ලබන පුද්ගලයන්

  • වන සංහාරය විනාශ වන ලෙස ව්‍යාපාර පවත්වන පුද්ගලයන්

යන දූෂිත චෝදනා ලද  පුද්ගලයන් හෝ එම පවුල් වල සාමාජිකයන්ට නාම යොජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා ජනරජයේ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකතුමා, ඇතුළු සියලුම පක්ෂ නායකයන් දැනුවත් කරන මෙන් ඉතා ගෞරවයෙන් දෙපානැමැද ඉල්ලා සිටින්නෙමු.

තෙරුවන් සරණයි !

සසුන්ලැදි


බුදුගල ජිනවංස හිමි.

සභාපති

Leave a comment

Your email address will not be published. Required fields are marked *