‘රාගසා’ නම් සුළිකුණාටුව චීනය දෙසට හමා යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙය මේ වසරේ ලොව බලවත්ම නිවර්තන සුළි කුණාටුවයි.
මේ වන විටත් මෙම රාගසා නම් සුළි කුණාටුව දකුණු චීනයට ඇතුළු වී තිබෙනවා.
තායිවානයේ පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවමින් දරුණු සුළං සහ අධික වර්ෂාවෙන් හොංකොං වෙත බලපෑම් කිරීමෙන් පසු , රගසා ටයිෆූන් දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ යැංජියැං නගරයට ඇතුළු වූ බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර තිබෙනවා.
තායිවානයේ නැගෙනහිර හුවාලියන් ප්‍රාන්තයේ විලක් පිටාර ගැලීමෙන් නගරයකට ජලය ගලා යාමෙන් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවයි.