• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතුයි – ජනපති

11 January 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

මෙහිදී විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසු දෙදෙනෙකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරිහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. ප්‍රථම උපාධිධාරින් ගණන 1057 කි.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකිය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයනමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. එය සෑමවිටම ආරක්ෂා කළයුතුය. පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශය ලබාදිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රටේ අධ්‍යාපන පද්ධතියේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට අප තව බොහෝ දේ කළයතුය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්කරගත් එකකි. එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පටු වීමට හේතු වී ඇත. දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන විභාග ප්‍රතිඵළ මත අනාගතය තීරණය කරනු ලැබේ. ඒ නිසාදෙමාපිය සහ සමාජ අසහනය වැඩි වී ඇත. දරුවන්ගේ ජිවිතයේ වඩා තීරණාත්මක අවධිවල පුද්ගල අභිවෘද්ධිය සදහා වන අවස්ථා රැසක් අහිමිව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ දරුවන්ට අධ්‍යාපනය තුළ අතරමංවිමට ඉඩ දිය නොහැක. රජය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුය.විශ්ව විද්‍යාල සහ අනෙකුත් තෘතියීක අධ්‍යාපන ආයතන සදහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහල නැංවීම ඉතා වැදගත්ය. රජයේ විශ්ව විද්‍යාලවල යටිතල පහසුම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය.එමෙන්ම විශ්ව විද්‍යාලවලින් පිරිනමනු ලබන උපාධි පාඨාමාල සිසුන් අපේක්ෂා කරන රැකියා අවස්ථා ළගා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

21 වන සියවස දැනුමේ සියවසයි. කෘතීම බුද්ධිය, දත්ත, රොබෝ තාක්ෂණය, අන්තර්ජාලය සහ ජෛව තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය වැනි තාක්ෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප්‍රතිනිර්මාණය කරනු ඇත. පර්වර්තනීය තාක්ෂණයන් විසින් ලබා දෙන අවස්ථා කල්තියාම හඳුනාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. රට තුළ ඉහල ගුණාතමකභාවයකින් යුත් තෘතියික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්ධි ගලනය වළක්වා ගත හැකිවනවා සේම අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමින් රටින් පිටවිම අවම කර ගැනීමට උපකාරී වේ.

වෘත්තීය අධ්‍යාපන ආයතනවල සහ කාර්මික විද්‍යාලවල ගුණාත්මකභාවය ගෝලීය ප්‍රමිතින්ට අනුකූලව වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතියික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම්සහගතව කටයුතුකරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සදහා සහාය වන ලෙස ද ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ කුලපති දයා සදගිරි මහතා අතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

ජනතාවට ඕන රට නිවැරදි කරන නායකයෙක් – ජනපති

Next Post

පොරොන්දු වූ වැටුප වැඩි නොකළොත් මහ මැතිවරණයේ දී වතු කම්කරුවන් ගන්නා මග…

editor

editor

Next Post

පොරොන්දු වූ වැටුප වැඩි නොකළොත් මහ මැතිවරණයේ දී වතු කම්කරුවන් ගන්නා මග...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved