27 April 2024
#දේශීය

ජනතාවට ඕන රට නිවැරදි කරන නායකයෙක් – ජනපති

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙයින් අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපතිවරයා අද (09) පෙරවරුවේ අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් කියා සිටියේය.

වැරදි මාවතක ගිය රට නිවැරදි දිසාවට යොමු කරන පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපතිවරයා කෘතඥතාව පළ කළේය.

තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පැවසීය. තමා ජනාධිපති ධූරයට පත් කළා සේම සිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපකිවරයා කියා සිටියේය.

තොරතුරු තාක්ෂණය දියුණු කිරීමෙන් ක්ෂේත්‍ර ගණනාවක ස්වයං රැකියා අවස්ථා දියුණු කර ගත හැකිය. සංචාරක, වැවිලි සහ කෘෂි ක්ෂේත්‍ර මගින් රැකියා ප්‍රශ්නයට විසඳුමක් මෙන්ම රටේ ආර්ථිකයට ඉහළ ආදායමක් එක් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විවිධ අසත්‍ය ප්‍රචාරයන්ට හසුව තම තරුණ කාලය නාස්ති කර නොගන්නැයි ජනාධිපතිවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට මැතිවරණ කොට්ඨාස 160ක තරුණ නියෝජිතයන් සහභාගී වූ සමුළුවට මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධණ, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරු සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *