රුපියල් 70 ක් මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් වරාය නගරයේ බීච් ප්ලාසාහි පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) මගින් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2025 ජූලි 16 දින කොළඹ වරාය නගරයේ පිහිටි බීච් ප්ලාසාහි වෙළඳසැල් පරීක්ෂා කළ අවස්ථාවේ, අදාල වෙළඳසැල මගින් රුපියල් 70 ක් මිල සදහන් කර තිබු මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200 කට අලෙවිකර තිබේ.