• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගීන්ගේ ජිවිත ද අවදානමට දමා විස්කි ජාවාරමේ යෙදුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මහ මොළකරු තවමත් නිදැල්ලේ

8 February 2026
in දේශීය, පුවත්
මගීන්ගේ ජිවිත ද අවදානමට දමා  විස්කි ජාවාරමේ යෙදුණු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මහ මොළකරු  තවමත් නිදැල්ලේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක පිරිසක් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපිය මඟින් එම සමාගම තුළ සිදුවන සංවිධානාත්මක දූෂණ ක්‍රියාවලියක් පිළිබඳ බරපතල තොරතුරු රැසක් අනාවරණය කර ඇත. 2025 දෙසැම්බර් 23 වන දින රාජකාරි ගුවන් ගමනක නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු නීති විරෝධී ලෙස විස්කි බෝතල් 52ක් මෙරටට රැගෙන ඒම මෙම සිද්ධියේ ආරම්භයයි. මෙහිදී හෙළි වී ඇති සුවිශේෂී කරුණ වන්නේ, එම සිද්ධියට වගකිව යුතු ප්‍රධාන ආරක්ෂක සුපරීක්ෂකවරයා වන අරවින්ද අලුත්වත්ත විසින්, අදාළ බෝතල් තොගය සමඟ ගුවන් යානයෙන්ම මෙරටට පැමිණි ඔහුගේ හිතවත් ගුවන් මගියෙකු හරහා තවත් විස්කි බෝතල් 12ක් රේගු ඇසට වැලිගසා පරීක්ෂාවකින් තොරව පිටතට රැගෙන ගොස් තිබීමයි.
ගුවන් ආරක්ෂක නීති අනුව පුද්ගලයන් හතර දෙනෙකුට රැගෙන ඒමට හැකි උපරිම මත්පැන් ප්‍රමාණය ලීටර් 20ක් වුවද, මොවුන් වංචනික ලෙස ලීටර් 52ක් රැගෙන විත් ඇති අතර ඉන් ලීටර් 42ක්ම රැගෙන විත් ඇත්තේ රේගු බදු වංචා කරමිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විනය නීති අනුව විදෙස් රාජකාරි චාරිකාවල නිරත වන සේවකයන්ට කිසිදු තීරුබදු රහිත භාණ්ඩයක් රැගෙන ඒම සපුරා තහනම්ය. ඒ අනුව ශ්‍රී ලංකන් කිසිදු සේවකයෙකුට රාජකාරි විදේශ ගමනකදී තීරුබදු රහිත භාණ්ඩ හෝ වෙළෙඳ වටිනාකමකින් යුතු භාණ්ඩ රැගෙන ඒම සපුරා තහනම් වේ. විශේෂයෙන්ම මධ්‍යසාර උදෙසා පවතින නීතිරීති අභිබවා මධ්‍යසාර ගුවන් යානයේ අභ්‍යන්තරයේ හෝ භාණ්ඩ පටවන ගුවන් යානයේ ගුදම් තුළ රැගෙන ඒම ගුවන් මගීන්ගේ ජීවිත අවදානමකට පවා ලක්විය හැකි කරුණකි. ගුවන් සමාගමේ මෙම ජාත්‍යන්තර ආරක්ෂක සහ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා වගකීමෙන් බැඳී සිටින ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරු විසින් මේ ආකාරයට විස්කි ජාවාරමක් මෙහෙයවීම ගුවන් මගීන්ගේ ජීවිත සඳහා දැඩි අවදානමක් බව ශ්‍රී ලංකන් සේවකයෝ පවසති.
මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මොළකරු ලෙස ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරු කෝසල කාරියවසම් නැමැත්තා කටයුතු කරන බවට සේවකයෝ චෝදනා කරති. ඔහු දීර්ඝ කාලයක සිට විදේශ රාජකාරි සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේදී තමන්ට අවනත නිලධාරීන් යොදා ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව පැවසේ. යම් නිලධාරියෙකු විස්කි බෝතල් රැගෙන ඒම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව විවිධ හිරිහැර කිරීම් සහ නැවත විදේශ රාජකාරි සඳහා අවස්ථා ලබා නොදීම වැනි ක්‍රියාවල නිරත වන බව ද එම ලිපියේ සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට පවත්වනු ලබන අභ්‍යන්තර විමර්ශනයට කෝසල කාරියවසම් විසින් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සේවකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ප්‍රකාශ ලබාදීමට කැඳවන නිලධාරීන් තමන්ව හමුවිය යුතු බවට ඔහු නියෝග කර ඇති අතර, එහිදී තමන්ගේ නම හෙළි නොකරන ලෙස ඔවුන්ට දැඩිව බලපෑම් කරන බව ද අනාවරණය වී ඇත. සැබෑ වගකිවයුත්තන් නිදැල්ලේ පසුවෙද්දී, ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත කටයුතු කළ කනිෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබීම අසාධාරණ බව සේවකයින්ගේ අදහසයි. මෙම ලිපිය මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ සැබෑ “මෝරුන්” ආරක්ෂා කර “හාල්මැස්සන්” අල්ලා ගැනීමේ ප්‍රතිපත්තිය අත්හැර පිරිසිදු විමර්ශනයක් පවත්වන ලෙසයි.
Post Views: 6
Previous Post

ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

Next Post

ඝාතන සඳහා යොදාගත් ගිනි අවි දෙකක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ඝාතන සඳහා යොදාගත් ගිනි අවි දෙකක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි

ඝාතන සඳහා යොදාගත් ගිනි අවි දෙකක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

8 February 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved