• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මචං චරියා මම රිසයින් වෙනවා…” අපවත් වු හිමි නම ගැන මිතුරෙකුගේ අතීතාවර්ජණය

29 September 2025
in දේශීය, පුවත්, විශේෂාංග
“මචං චරියා මම රිසයින් වෙනවා…” අපවත් වු හිමි නම ගැන මිතුරෙකුගේ අතීතාවර්ජණය
0
SHARES
90
VIEWS
Share on FacebookShare on Twitter

පනිසියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වාසය කල භික්ෂූන් වහන්සේලා රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වුණා.

එම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා හය නමක් තුවාල ලබා සිටියා.
ඉන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නිපිටියේ ඉන්දෝහාස හිමියන් ඊයේ (28) අලුයම අපවත් වුණා.

මේ උන්වහන්සේ වෙනුවෙන්   මිතුරෙකු තැබූ ෆේස්බුක් සටහනක්

  • Charith Moragoda 

උඹට නිවන දුර නෑ…….!!

“මචං චරියා … මම රිසයින් වෙනවා…”

මීට අවුරුදු හයකට කලින් උඹ මගේ සීට් එකට ඇවිත් කිව්වම මම පුදුම වුනා…

වෙනදා ඉසුරු මගේ ලඟට එන්නෙ ටීශර්ට් එකක් කලිසමක් මැච් කරන්න පාට අහන්න.. එක්කො අළුතින් ආපු ෆිල්ම් එකක් ගැන කතා කරන්න.. එක්කො පොතක් ඉල්ලගන්න හෝ දෙන්න.. ඉතින් පුදුම නොවී කොහොමද?

“පිස්සුද යකෝ ?.. යස අගේට අවුරුදු පහක් විතර වැඩ කරලා සෙට්ල් වෙලා හොඳ සැලරි එකක් අරන් , වාහනෙත් අරන් ගේත් හැදුවට පස්සෙ මොන මගුලක්ද මේ…?”

මම පුදුම වුනා…

“නෑ මචං.. මගේ අරමුණ උඹලාගෙ වගේ සරල එකක් නෙමේ..”

“ඒ කිව්වෙ.. උඹ රට යන්නද?”

“නෑ….මම මහණ වෙනවා…!”

රිසයින් වෙනවා කිව්වාටත් වඩා ශොක් එකක් ඒ වෙලාවෙ මට දැනුනෙ..

ඒත් ඉසුරු අපිත් එක්ක එකට වැඩ කළ කාලෙ පුරාවටම එයා හරි අමුතු මිනිහෙක් කියලා මට තේරුනා.. එදා ඒක තහවුරු වුනා..

ඉස්සර අපි හැම මාසෙම අන්තිම සිකුරාදා සෙට් වෙනවා බොන්න.. ඉසුරුත් ඒ හැම පාටියකටම එනවා.. සිංදු කියනවා, නටනවා, ඒත් කවදාවත් බොන්නෙ නෑ.. හැබැයි බොන උන්ට බනින්නෙත් නෑ.. බයිට් අහුරක් කකා බොන උන් දිහා පැත්තකට වෙලා හිනා වෙවී බලන් ඉන්නවා අද වගේ මතකයි..

හැමදාම අපි හවස හත අට වෙනකල් වැඩ.. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක කියන්නෙ අටට ඇවිත් පහට ඕෆ් වෙන රස්සාවක් නෙමේ.. ඒ දවස් වලට රෑ අපි වැඩ කරන ගමන් වාද විවාද.. ඒ එක විවාදෙක හරි දේශපාලනය හෝ ආගම ගැන ගෑවෙනවා නම් ඉසුරු තමයි ඒ වාදෙ මූලිකයා වෙන්නෙ…

මිනිහාගෙ කතා අහන් ඉන්න හරි ආසයි.. බොහොම තාර්කිකයි, ඉතා පැහැදිලියි, ඒ වගේම අපි ඊට විරුද්ධ නම් බොහොම සාවධානව අපේ කතාවත් අහන් ඉන්නවා… කේන්ති ගන්නෙ නැති ම තරම්.. අපේ තර්ක බිඳින්න පුළුවන් නම් බිඳිනවා නැත්නම් තමන්ගෙ කතාවෙ වරද පිළිගන්නවා..

ලංකාවෙ අංක එකේ පෞද්ගලික ආයතනයක පරිඝණක ඉංජිනේරු රස්සාවකින් අස්වෙලා, ගේ දොර ඉඩකඩම් සේරම සහෝදරයන්ට ලියල දීලා, අළුතෙන්ම ගත්තු වාහනෙත් දීලා, පොඩි වයසෙන්ම ඉසුරු මහණ වෙන්න ගියෙ නිකම්ම නෙමේ.. එයාට ලොකු අරමුණක් තිබ්බා, එහෙම නොවෙන්න ලස්සන ගිහි ජීවිතයක් දාලා එයාට යන්න තරම් සාධාරණ හේතුවක් තිබ්බෙ ම නෑ..

එයා ඒ ගමන ගියෙ නිවන හොයන්…

මහණ වෙන්නන් වාලෙ මහණ නොවී, නිරවුල් අරමුණක් ඇතිව නිවන හොයන් චීවරේට ගිය “අපේ හාමුදුරුවො” අද උදේ අපවත් වෙලා..

පහුගියදා ඩක්කුව කඩන් වැටිලා උන්නාන්සෙ රෝහලේ දැඩි සත්කාරෙ ඉන්නවා කියලා ආරංචි වුන වෙලාවෙ ආපු කම්පණය අද ආපු මේ ප්‍රවෘතියත් එක්ක දෙගුණ තෙගුණ වුනා..

මේ අමුණලා තියෙන පින්තූරෙ අපි දෙන්නා ට්‍රිප් එකක් ගිය වෙලාවක එකම බෝට්ටුවෙ එක ලඟ ඉන්නවා.. එදා එක බෝට්ටුවෙ ගිය අපි දෙන්නාගෙන් ඔයා අද දැන් එගොඩට ලංවෙලා ඇති.. ඒත් අපි තාම ඒ බෝට්ටුවෙ ඉවුරක් හොය හොයා යනවා..

ඔයාට නිවන දුර නෑ “අපේ හාමුදුරුවනේ…!”

Post Views: 96
Previous Post

”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්” – අද හෘද රෝග දිනයයි

Next Post

අර්ච්චුනාව අත්අඩංගුවට ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
අර්ච්චුනාව අත්අඩංගුවට ගනියි

අර්ච්චුනාව අත්අඩංගුවට ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved