නවක පරපුරේ රංගන ශිල්පිනියක් අතුරින් සංජානා ඔනාලි ගමආරච්චි කියන්නේ නිරන්තරයෙන් ප්‍රේක්ෂක අවදානය දිනාගත්ත චරිතයක්.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ඇය පිළිබද කතා බහක් ඇති වුණා. පසුගිය මාස කිහිපය තුල අති උත්කර්ෂවත් අයුරින් ඇයගේ විවාහය සිදු වුණා.
නමුත් ඇය මේ වන විට මතභේදාත්මක සටහන් කිහිපයක් පල කිරිම හේතුවෙන් අන්තර්ජාලය කලබමින් ඇය පිලිබද කතාවක් ඇති වි තිබෙනවා. ඒ ඇයගේ විවාහය දෙදරායාමක් සම්බන්ධවයි.
ඔස්ට්‍රේලියාවේ පදිංචි තරුණයෙකු සමග විවාහ ගිවිසගත් ඇය වැඩිපුරම ලංකාවේ ගත කිරීම බොහෝ දෙනාගේ කුතුහලයට පාත්‍ර වුණා. නමුත් ඇය හදිසියේ පල කල සටහන් තුළින් ගම්‍ය වුනේ මෙය බරපතල කාරණාවක් බවයි. ඇයගේ පලමු නිල ඉගිය හරහා ඇයගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනාට දැනගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇය සටහන් කරන ලද ප්‍රකාශ හමුවේ ඇය පැවසීමට උත්සාහ දරා ඇත්තේ විවාහය බිද වැටීමට තමන් නොවන බව සහ තමන්ගේ අනෙකුත් පාර්ශ්වය මේ සම්බන්ධයෙන් වගකිව යුතුය යන්නයි.
‘තමන් ආදරය කෙනා ගේ උනොත් ඔයාට මොකද හිතෙන්නේ’
මෙම ප්‍රකාශය හමුවේත් සමාජය හමුවේ ආන්දෝලනයක් ඇති වුණා. මෙයින් ඇය වක්‍රාකාරව චෝදනා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ ලිංගික ඇසුර ගැන බවයි බොහෝ දෙනා පැවසුවේ.
කෙසේ වෙතත් මෑතක දී ඇය යුටියුබ් නාලිකාවකට සම්බන්ද වෙමින් වක්‍රාකාරයෙන් ඇයට පැමිණ තිබෙන ගැටලු සම්බන්ධයෙන් ද කතා බහක් ඇති වුණා. එහි දී ඇය පැවසුවේ
”මට මිනිස්සු එපා උනොත් මම කෙල්ලෙක්ව බදින්නත් ඉඩ තියෙනවා. ලැබී තිබෙන ජීවිතය ගොඩක් කෙටියි ඒ නිසා මේ ජීවිතය සැනසිමෙන් ජීවත් වෙන්න ඔනි කියලා. නමුත් මම කියන්නෙ තමන් කැමති අකමැති දේ වෙන් කරල හදුනගන්න පෞරුෂයක් තියෙන්නෝන මම ගැනු ලමයෙක්ට නම් කැමති ඒ දේ මම නිවරදිව කියලා මම ගැණු ලමයෙක් ව බදින්න ඔන. නැතිව රටේ අවමන් වෙනව කියල තව කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න හොද නැහැ. අපි ඇත්ත දේ පෙන්නල සමාජයෙන් බැනුම් ඇහුවත් කමක් නැ කියල මම කියන්නේ. මට පිරිමි එපා වෙලා ගැහැණු කෙනෙකුට හිත ගියොත් මම බදින්නෙ ගැහැණු කෙනෙක්. මට සමාජය මොනා කිව්වත් කමක් නැහැ. මේ දෙයින් කියන්නෙ නෑ මම ගැහැණු ලමයිට කැමතියි කියලා. මම කැමතියි හොද විවාහයක් ලැබිල පවුල් ජීවිතයක් ලබන්න. මට ගොඩක් දෙනා අපහාස කරලා කමෙන්ට් කරලා තිබුණා. තමන්ට ඒ දේට මුහුණ දෙන්න උනොත් ඒ කෙනාට තේරෙයි කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියලා”














