මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත්තු මත පුද්ගල ඝාතන සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් සැපයීමේ නිරත වූ යාපනයේ ප්‍රකට ‘ආවා’ කල්ලියේ ප්‍රධානීන් දෙදෙනෙකු මධ්‍යම අපරාධ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 2016 වසරේ යාපනය මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසු ඉන්දියාවට පලාගොස් සිටි මොවුන්, එරටදී බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට භාර දී තිබේ.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින්, රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අවශ්‍ය ඕනෑම අවස්ථාවක කුලී වෙඩික්කරුවන් සැපයීමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවයි. මධ්‍යම අපරාධ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ මේ වන විට සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.














