මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් සන්තකයේ තිබි අයිස්, ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක සහ දුම්කොළ මිශ්‍ර මාවා සොයාගන තිබේන බව පොලිසිය පැවසුවා
මස්කෙලිය, පොල්පිටිය, නෝටන්බි්රිරිජ්, ගිනිගත්හේන සහ නෝර්වුඩ් පොලිස් ස්ථානවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස 25ත් 40ත් අතර පසුවන එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.