මනුෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුමලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවක් අනුව මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි විය. බණ්ඩාරිගොඩ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ගාලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන තිබුණේ ඔහු ය.
හරින් ප්‍රනාන්දුගේ හිස් වූ මන්ත්‍රී පුරප්පාඩුවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව නම් කරනු ඇතැයි දැන ගැනීමට තිබේ.
			
                                
                                
							











