• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම කාටවත් කෝල් කරලා බලපෑම් කළේ නෑ – ඇමැති මංගල කියයි

18 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබා දෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීවරුන්ගේ සංගමයේ 51 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

එසේ ම නව දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබා දීම සඳහා විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි ද මංගල සමරවීර මහතා පැවැසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා “අපි මාස කීපයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ඇතිව ඉතිහාසයේ කවදාවත් නොතිබුණු ඉතාම ශක්තිමත් රාමුවක් සහිත අළුත් දේශීය ආදායම් පනත හඳුන්වලා දුන්නා. අද වෙන කොට මාස කීපයක් තිස්සේ ක්‍රියාත්මක වීමෙන් පස්සේ සංක්‍රාන්ති අවධිය පසු කරලා ඔබලාගේ දෙපාර්තමේන්තුවත්, බදු ගෙවන ජනතාවත් අතර මේ වෙනකොට නව පනත පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වී ඇතැයි මා සිතනවා. නුතන ලෝකයට ගැළපෙන විදියට අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් සෘජු විදේශ ආයෝජන පවා ආවරණය වන විදියට හඳුන්වා දුන් මේ පනත දිගුකාලීනව රටේ සාර්ව ආර්ථිකයත්, මූල්‍ය ආදායමත් ස්ථාවර කිරීමට ඉවහල් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ පනත සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට තිබුණ දේශපාලන මැදිහත්වීම අයින් වුණා. බදු සහන ලබා දීම සඳහා ඇමැතිවරයාට තිබූ බලතල සීමා වුණා.

විශේෂයෙන්ම මා මීට පෙර කියා සිටි පරිදි රටේ සෘජු සහ වක්‍ර බදු අතර තිබෙන වර්තමාන අනුපාතය 18% ත් 82% අතර වෙනවා. නිදහස ලබන වසර 70ක් ගත වෙලත් මේ අනුපාතය ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් ද? වසර 70කට පෙර අපි ආසියාවේ දියුණුම රටක්. 1965 දී ලීක්වාන් යූ අගමැතිවරයා ඉලක්ක කළේ අපේ රටේ සංවර්ධනය කරා යන්නයි. ලෝකේ හොඳම විශ්ව විද්‍යාල 50 අතරින් දෙකක් අපට තිබුණ. නමුත් වසර 70කට පස්සේ ඍජු සහ වක්‍ර බදු අතර අනුපාතය 18:82 මට්ටමේ තියෙන්නේ. වක්‍ර බදු 82ක් කියන්නේ එදිනෙදා හාල්, සීනි, පරිප්පු ටික ගන්න ජනතාව තමයි මේ බදු ගෙවන්නෙ. අපේ ඉලක්කය 2020 වෙද්දි මේ අනුපාතය 60:40 විදියට වෙනස් කරන එකයි. ඒ සඳහා සැලස්මක් තිබිය යුතු යි. සැලසුම් ගොඩක් සකස් කරනවා. ලස්සන ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරනවා. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න ගියා ම අසමත්. ඒක අන්තිමට ප්‍රසන්ටේෂන් එකක් විතරක් බවට පත් වෙනවා.

අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ වාර්ෂික ආදායම රුපියල් ට්‍රිලියනය දක්වා ගෙනයන්න ඕනෙ. සමහර ආයතනවල කෝටි ගණන් ටර්න්ඕවර් තියෙනවා. හැබැයි බදු ගෙවන්නේ පොඩ්ඩයි. ඒක ඒ විදියට තියෙද්දි අලුතෙන් වාහනයක් ගත්ත පලියට බදු ෆයිල් අරින්න හදනව කියලත් කියනවා. මේ ගැන කියන්න ගිහින් හිටපු කොමසාරිස් ජනරාල්තුමාට චෝදනත් එල්ල වුණා. මේවගේ දේවල් වුණාම තමයි ෆේක් නිවුස් නිර්මාණය වෙන්නේ. අපි හරියට සැලසුමක් නැතුව වැඩ කළා ම එහෙම ෆේක් නිවුස් හැදෙනවා.

ඒ වගේම අපි අළුත් දේශීය ආදායම් පනත ඉදිරිපත් කරද්දි මුදල් ඇමතිවරයා වෙත කලින් තිබුණු බලතල විශාල ප්‍රමාණයක් ඉවත් කළා. එතුළින් ශක්තිමත් උනේ ඔබලාගේ දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ඔබලාගේ වෘත්තීයමය තත්ත්වයත් බව මං කියන්න කැමතියි. මම කිසිම ආයතනයකට එහෙම කෝල් කරල බලපෑම් කරල නෑ. මගෙ කාටවත් එහෙම කරන්න ඉඩ තියන්නෙත් නෑ.

මීට ඉස්සරින් මුදල් ඇමතිවරු හිතුමනාපෙට තමන්ගේ ඥාති හිතවතුන්ට, ජාවාරම් කරන අයට රාජකාරි බලය පාවිච්චි කරලා බදු සහන ලබා දුන්නා. නමුත් දැන් එවැනි තත්ත්වයන් පිළිබඳව කවුරුත් බිය විය යුතු නැහැ. ඔබතුමන්ලාට රාජකාරිමය ස්වාධීනත්වය හිමිවෙලා තියෙනවා. ඔබ සියළුදෙනාගේ කාර්යක්ෂම දායකත්වය රටට ලබාදෙන්න අපි හොඳ වටපිටාවක් සකස් කරලා දීලා තියෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී මහා භාණ්ඩාගාරය වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන දායකත්වය ඉතාම වැදගත්. එතනදි අපි බලාපොරොත්තු වෙනවා ආදායම් ඉලක්ක සපුරා ගැනීම තුළින් පමණයි රටේ සාර්ව ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කරගත හැකි වන්නේ. ඒ නිසා මහජනතාවට හිරිහැර නොවන විදියට ඒ වගේම රජයේ ආදායම සතුටුදායක ලෙස කළමනාකරණය කළ හැකි බදු ප්‍රතිපත්තියක් අපි ඇති කරගනිමින් ඉන්නවා. බදු ගෙවීම අපරාධයක් ලෙස සලකන්න ඕන නෑ. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර අපි බලා දෙන්නෙ මේ බදුවලින්. ඒ නිසා බදු කියන්නෙ තමන්ගේ ආදායම මංකොල්ලකෑමක් නෙවෙයි. ඒක වගකීමක්.

ඒ වගේම මෑතක දී අපි විදේශ සංචාරකයන්ට VAT බදු ප්‍රතිපූරණය කිරීමේ සහනය ලබාදුන්නා.ගුවන් තොටුපළෙන් පිටවෙලා යන කොට සංචාරකයන්ට එම VATබදු නැවත ලබාදීමේ කාර්යය ඉෂ්ඨ කරන්නේ ඔබතුමන්ලාගේ නිලධාරීන්. ලෝකයේ අනෙක් බොහෝ රටවල්වලත් මෙවැනි පහසුකම් සලසා තිබෙනවා. එම කාර්යය ඉතා ඉහළ ප්‍රමිතියක් ඇතිව රටට ගෞරවයක් ලබාදෙමින් සාර්ථකව ඉටු කිරීමට ඔබ සියළු දෙනාට හැකි වෙතැයි මා සිතනවා.

අවසාන වශයෙන් අද දින පැවැත්වෙන දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරී සංගමයේ මහා සභාවේ කටයුතු සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රජයේ මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා ඔබතුමන්ලා ලබා දෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින් එකට එකතු වී රටේ ආර්ථිකය දියුණු කිරීමට අපි සියළු දෙනාටම හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ, විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Post Views: 2
Previous Post

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ඇමැති අර්ජුන් කතා කරයි

Next Post

නේවි සම්පත් ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

editor

editor

Next Post

නේවි සම්පත් ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved