27 April 2024
#දේශීය

නේවි සම්පත් ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන තවදුරටත් ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා (18) නියෝග කර ඇත.

අතුරුදහන් තරුණයන් පැහැරගෙන ගිය බව පවසන වාහනය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග වලට අනුව නාවික හමුදාපති වරයාගේ විමසීම් වලට අනුව එම වාහනය චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු භාරයේ 2008,2009 වසරවල තිබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.

එම වාහනය හය වන සැකකරු වන ඩී කේ පී දසනායක යන අයගේ අධීක්ෂණය යටතේ තිබී ඇති බවත් දසනායක යටතේ හෙට්ටිආරච්චි යන සැකකරු සහ භූගත සිර මැදිරි පවත්වාගෙන ගිය බව කියන සැකකරුවකු වන රණසිංහ යන අය කටයුතු කර ඇති බවත් නාවික හමුදා විමසීම් අනාවරණය කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය ලබන ඔක්තෝබර් මස 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් දීමනී බැද්දෙවෙල මහත්මිය නියෝග කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය අධිකරණයේ පෙනී සිටියේය. සිද්ධියට අදාළ බැංකු ගිණුම් වාර්තා ඉල්ලා ඇතත් ඇතැම් වාර්තා මෙතෙක් ලැබී නැතැයිද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් වරයා රහස් පොලිසියට නියෝග කළාය

අධීකරණ වාර්තා

Leave a comment

Your email address will not be published. Required fields are marked *