• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම වැරදිනම් .. සංදර්ශන එපා… උසාවියේදී ඔප්පු කරන්න – හිටපු ඇමැති මංගල

30 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද ඒ සඳහා සූදානමින් සිටින ලෙස ද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමා මුදල් අමාත්‍යාංශය භාරගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව හරහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ තුළින් අයුතු ලාභ හෝ අනීතික අවස්ථා නොලද පිරිසක් විසින් ප්‍රචාරය කරනු ලබන සහමුලින්ම අයුක්ති සහගත අභූත චෝදනාවක් බවත් එකී චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව ගතයුතු නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව

මෙම චෝදනාව මම මුදල් අමාත්‍යාංශය භාරගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව හරහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ තුළින් අයුතු ලාභ හෝ අනීතික අවස්ථා නොලද පිරිසක් විසින් ප්‍රචාරය කරනු ලබන සහමුලින්ම අයුක්ති සහගත අභූත චෝදනාවක් බවත් එකී චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව ගතයුතු නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දැනුම් දෙමි.

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ රටේ පොදු මහජනයාගේ මතය වී ඇත්තේ, එය ලංකාවේ අන්ත දූෂිතම රාජ්‍ය ආයතනයක් බවයි. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ සහ ඉන් පිටත වූ තැරැව්කරුවන්ගේ මැදිහත් වීම හමුවේ සිදුවූ අකටයුතුකම් හේතුවෙනි. අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් සහ අතයට ගනුදෙනු හරහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු එහි දිගින් දිගටම සිදුවෙමින් තිබුණි.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා රජයේ පරිපාලන නිලධරයකු පත්කළයුතු යැයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ අදහස විය. ඒ අනුව අමාත්‍යාංශය භාරගත් පසු මා විසින් සුරාබදු කොමසාරිස් ධූරය සඳහා පළමුව රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ පිළිගත් පරිපාලන නිලධරිනියක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සහ ඇය විශ්‍රාම යාමෙන් පසු පසු මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධරීන් දෙදෙනකු පත්කරන ලදී.

එපමණක් නොව අක්‍රමවත් හා අවිධිමත් ආකාරයට අතරමැදියන්ගේද තැරුව්කරුවන්ගේ ද මැදිහත් වීම් තුළ සිදුකරනු ලැබූ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කොට ඒ සඳහා සරල හා නිවැරදි මෙන්ම විනිවිධ පෙනෙන ආකාරයෙන් මේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ යටතේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් සඳහා බලපත් නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබීය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය යටතේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලාවලට බලපත් නිකුත් කිරීම සිදුකරන ලදී.

මේ කිසිදු අවස්ථාවක අතරමැදියන් හෝ තැරුව්කරුවන් කිසිවකුට මේ කටයුතු සඳහා මැදිහත්වීමට අවස්ථාවක් නොවුණි. එසේම හොර මත්පැන් ජාවාරම්කරුවන්ට ද සිය ජාවාරම් කිරීමේ අවස්ථා අහිමි කරමින් මෙම ක්‍රියාදාමය සරලව, නිවැරදිව හා විනිවිධ පෙනන ආකාරයෙන් සිදුකෙරුණි.

මාගේ 31 වසරක දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසියම් හෝ වංචාවකට, දූෂණයකට හෝ අල්ලස් ක්‍රියාවකට මා සම්බන්ධ වී නොමැති බවත් එවැනි චෝදනාවක් මෙතෙක් කලකට මා වෙත එල්ල වී ද නැත. එම නිසාම මෙම චෝදනාව මා වෙත එල්ල කිරීමට සම්බන්ධ වූ මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වෙමි.

ඒ අනුව මා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන මේ සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද ඒ සඳහා සූදානමින් සිටින ලෙස ද දන්වා සිටිමි.

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රි
මාතර දිස්ත්‍රික්කය
2020/01/30

Post Views: 3
Previous Post

පක්ෂ නායකත්වය දෙන්නේ නෑ … අද තීරණාත්මකයි … රනිල් !

Next Post

ආවේ නැත්තේ 16 යි.. ඉන්නේම 59 යි… – එජාප මහලේකම්

editor

editor

Next Post

ආවේ නැත්තේ 16 යි.. ඉන්නේම 59 යි... - එජාප මහලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved