27 April 2024
#දේශීය

ආවේ නැත්තේ 16 යි.. ඉන්නේම 59 යි… – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ අද පැවැත්වු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සඳහා 16 දෙනෙකු පමණක් සහභාගී නොවු බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට මේ වන විට පත් කර ඇති සාමාජිකයින් ප්‍රමාණය 59 ක් බවත් එයින් 6 දෙනෙකු සහභාගී නොවන බව පෙර දැනුම් දීම් සිදු කර ඇත බවයි.

එසේම අද දිනයේදී 37 දෙනෙකු සහභාගී වීමෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීම පැවැත් වු බව මහලේකම්වරයා කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ අද රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකමතිකව එකඟ වු බවයි. එසේම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලක්ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *