8 September 2024
#දේශීය #පුවත්

මව්වරුන්ට කුඩා දරුවන්ට දියවැඩියාව ගැන අනතුරු ඇඟවීම්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය සඳහන් කළේ මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවය.

දියවැඩියාව රෝගයේ, රෝග ලක්ෂණ සහ ඉන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය වැඩිදුරටත් පැවසීය.

අධික සීනි සහිත ආහාර අඩු කරලා වැඩි වශයෙන් එළවලු, මස්, මාළු සහිත ආහාර වෙලකට යොමු වීමෙන් සහ තමාගේ උසට සරිලන බර පවත්වා ගැනීමෙන් දියවැඩියාවෙන් තෙරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්.”

“අපි සෑම දෙනාම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත්වීමට උත්සාහ ගත යුතුයි. ඒ වෙනුවෙන් පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *