• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන යහපත සඳහා භේදයකින් තොරව සහාය දෙනවා- අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි

17 April 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෙස් විදෙස් වශයෙන් වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්ශවයන් විසි දෙකකට අයත් දහසය දහසකට අධික දැන උගත් භික්ෂුන් වහන්සේ ගුණ ගරුක පිරිසිදු මහජන සේවකයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි විශාල පැහැදීමක් ඇති බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඒකමතිකව කථානායකවරයා වෙත ගෞරව සම්මාන පිරිනැමීමට තීරණය කරන ලද්දේ මව්බිම වෙනුවෙන් සේවය කරන එවන් පුද්ගලයන් අගය කිරීම විශාල යුතුකමක් කොට සලකා බවත් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පැවසූහ.

දේශපාලඥයන් පිළිබඳව කතා කරන විට සාමාන්‍ය ජනතාව පමණක් නොව බහුතර මහා සංඝරත්නයද මුහුණ අඳුරු කරගන්නා තරමට දේශපාලනය පිරිහී ඇති යුගයක නැවතත් සාරධර්ම පිරි රටක් බිහිකිරීම උදෙසා කරු ජයසූරිය වැනි නායකයන් කෙරෙහි සංඝයා වහන්සේ මෙන්ම සාමාන්‍ය ජනතාවද විශාල බලාපොරොත්තු තබා ඇති බවද මහා නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (16) දින පස්වරුවෙහි ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථ උපෝසථාගාරයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ විධායක කාරක මහා සංඝ සභාව රැස්වූ අවස්ථාවේ දීය.

අමරපුර මහා නිකායික මහා සංඝ සභාව මෙලෙස රැස්වූයේ කථානායක කරු ජයසූරිය මහතාගේ ජාතික ආගමික හා සමාජීය සේවාවන් අගයමින් ඒ මහතා වෙත විශේෂ ගෞරව නාමයක් පිරිනැමීම පිළිබඳ නිර්දේශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාය.

ඉතිහාසයේ කිසිඳු යුගයක නොමැති තරම් නිකායන් අතර සමගියක්, පොදු එකඟතාවයක් ඇති මෙම යුගයේ දී දේශපාලන නායකයන් එක්ව අප මාතෘ භූමිය ධර්මද්වීපයක් බවට පත් කිරීමට කැපවන්නේ නම් ඒ සඳහා භික්ෂූන් වහන්සේගේ මගපෙන්වීම සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන බව ද මහජන යහපත වෙනුවෙන් දේශපාලන නායකයන් ගනු ලබන තීරණයන්ට කිසිදු භේදයකින් තොරව සහාය දීමට මහා සංඝයා වහන්සේ පසුබට නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව වර්තමානයේ දී ලෝකයේ මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වීම පිළිබඳව අප රටක් ලෙස බෙහෙවින් ලැජ්ජාවට පත්විය යුතු බවද එම අපවාදයෙන් මාතෘභූමිය ගලවා ගැනීම සඳහා ආගමික නායකයින්ට මෙන්ම දේශපාලනඥයන්ට ද විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ සඳහන් කළහ.ඒ සඳහා මව්බිමට ආදරේ කරන ස්වකීය පැවැත්වෙන්ම ආදර්ශයක් ලබා දුන් පිරිසිදු නායකයන්ට ආශිර්වාද කිරීම භික්ෂූන් වහන්සේලාගේ යුතුකම බවද මහා නාහිමියෝ පැවසූහ.

මෙහිදී අදහස් පලකල කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ තමා කෙරෙහි විශ්වාසය තබමින් ගෞරවනීය මහා සංඝ සංඝරත්නය පිරිනමන ගෞරව සම්මානයන්හි සම්භාවනීය බව සහ ගෞරවය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවන බවයි.

කුඩා කල සිටම විහාරස්ථානය ඇසුරින් ආගමික ශික්ෂණයක් ලබා ගැනීම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට අතිශයින් වැදගත් වූ බව සඳහන් කළ කථානායකවරයා හැමවිටම හෘද සාක්ෂියට එකඟව තීරණ ගැනීමට ධාර්මිකව ජීවත්වීමට ආගමෙන් තමා වෙත ලැබුණු මඟපෙන්වීම පිළිබඳව විශාල භක්තියක් තමා තුළ ඇති බවද සඳහන් කළේය. ආනන්ද විද්‍යාලයේදී හමුවූ විශිෂ්ට ගුරුවරු කිසිවක් මාතෘභූමියෙන් ලබා නොගෙන මව්බිමේ යහපත වෙනුවෙන් කැපවීමට විශාල හැඟීමක් තමන් තුළ ජනිත කළ බවද ආනන්ද විද්‍යාලයෙන් නික්මගිය පසුව යුධ හමුදා නිලධාරියකු,තවත් විටෙක සමාගම් ගණනාවක්ට නායකත්වය දුන් ව්‍යවසායකයෙකු, තානාපතිවරයෙකු, පුරපතිවරයෙකු, පළාත් විපක්ෂ නායකවරයෙකු ,අමාත්‍යවරයෙකු සහ කථානායකවරයා ලෙස ද සැමවිටම මාතෘභූමිය වෙනුවෙන් පැවරුණු වගකීම් විනයගරුකව නොපිරිහෙළා ඉටුකිරීමට හෘදසාක්ෂියට එකඟව උත්සාහ කළ බවද ඒ මහතා සඳහන් කළේය.කථානායකවරයා ලෙස පසුගියදා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

තමා දේශපාලනයට පිවිසි මොහොතේ සිට සදාචාර සම්පන්න දේශපාලනයක නිරත විය යුතු බවට හෘදසාක්ෂියට එකඟව විශ්වාස කළ අතර පෝස්ටර් බැනර් කටවුට් සහ පොලිතින් වලින් තොර දේශපාලනයක් සඳහා අපහසු ගමනක් ආරම්භ කළ බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟ කරන අවස්ථාවේදී අලවන ලද පෝස්ටරය දේශපාලන ජීවිතයේදී තමා වෙනුවෙන් භාවිතා කළ එකම සහ අවසන් පෝස්ටරය වූ බවත් සඳහන් කළ කථානායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දේශපාලනයට පිවිසි දා සිට කිසිදු පුද්ගලයෙකු පිළිබදව අසාධාරණ අයුක්තිසහගත විවේචනයකට නොගොස් සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීම සිය ප්‍රතිපත්තිය වූ නිසාම තමාට එවැනි ආරාධනාවක් කිරීමට ශක්තිය ඇති බවද කථානායකවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්තාවේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශාස්ත්‍රපති ගංතුනේ අස්සජී මහා නාහිමියන්ද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන් ද අනුශාසනාවන් සිදු කළහ.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක් මීට එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්

Next Post

ලිව්වේ කෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්නේ තව කෙනෙක් – අපේ බුවා 5 වන කොටස

editor

editor

Next Post

ලිව්වේ කෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්නේ තව කෙනෙක් - අපේ බුවා 5 වන කොටස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved