යාචක කාන්තාවගේ ඝාතකයා සහ කාන්තාවක් පුළුස්සා මැරූ ජේලර් ඝාතකයාත් එක නිවසේ ජිවත්වුවෝ…
මහනුවර ප්‍රදේශයේ සිදුවූ අභිරහස් ඝාතන කිහිපයක සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, අරුප්පොළදී යාචක කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කළ 30 හැවිරිදි තරුණයා, අංකුඹුර ප්‍රදේශයේදී තවත් කාන්තාවක ඝාතනය කර සිරුර ගිනි තැබීමේ සිද්ධියට ද සෘජුවම සම්බන්ධ බව හෙළි වී තිබේ.
අංකුඹුර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා සහ මෙම තරුණයා ඉතා සමීපව එකම නිවසේ ජීවත් වූවන් බවත්, තරුණයා විසින් එම පුද්ගලයාට ‘තාත්තා’ යනුවෙන් ආමන්ත්‍රණය කරන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය.
අංකුඹුරේදී ඝාතනයට ලක්ව ඇත්තේ ද යාචක කාන්තාවක් බවට පොලිසිය දැන් සැක කරයි.
අත්අඩංගුවට ගත් 73 හැවිරිදි සැකකරු මීට පෙර සොරකම් රැසකට වරදකරු වී වසර 17ක සිරදඬුවම් විඳ 2019 වසරේදී නිදහස් වූ අයකු වන අතර, 30 හැවිරිදි තරුණයා තරමක මන්ද මානසික තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.
අරුප්පොළදී ඝාතනයට ලක්වූ කාන්තාව තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂයක ණයක් ආපසු ඉල්ලමින් කරදර කළ නිසා ඇයව ඝාතනය කළ බවට තරුණයා පාපොච්චාරණය කර තිබේ.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙම ඝාතන ජාලය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර, ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මහනුවර ඔරලෝසු කණුව අසල යාචකයින්ගෙන් ද තොරතුරු ලබා ගනිමින් පවතී.














