දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි ඉඩකඩ හිඟයට විසඳුම් සෙවීම සඳහා මහමෝදර රෝහල් ගොඩනැගිල්ල ද බන්ධනාගාර කටයුතු වෙනුවෙන් යොදාගත් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පවතින තදබදය අවම කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව, වෙනත් රාජ්‍ය ආයතනවල පවතින ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගැනීමට ද මේ වන විට රජය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
බන්ධනාගාර තුළ මෙලෙස ඉඩකඩ සීමා වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. මීට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට ගතවන දීර්ඝ කාලය හේතුවෙන් සැකකරුවන්ට බන්ධනාගාර තුළ වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවීම මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න කිරීමට බලපා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ගැටලුව නිරාකරණය කරමින් බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට රජය අපේක්ෂා කරයි.














