ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එම පක්ෂවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්, දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරුන් ඉකුත් දා කොළඹදී මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඉදිරි මැතිවරණවලදී දෙමළ, මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
පැවති ජනාධිපතිවරණය හා එහි ප්‍රතිඵල පිළිබදව මෙහිදී සමාලෝචනයක යෙදී ඇති ඉහත කී හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.
මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති රවුෆ් හකීම් මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරි මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරයටත් ආණ්ඩු බලය පිහිටුවා ගැනීමට ජනතා ඡන්ද ලබා ගැනීමට සූදානම් වන බව ය.
සමගි ජන බලවේගය සමඟි ජන සන්ධානයක් බවට පත්වූ පසුත් එයට අභියෝග ඇති බව පෙන්වාදී ඇති හකීම් මහතා සමගි ජන සන්ධානයට එහා ගොස් තවත් පක්ෂ ඒකාබද්ධ කර ගනිමින් සන්ධාන ගතවීමේ උත්සහායන් සිදු කෙරෙන බව ද සඳහන් කර තිබේ.