දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන අධීක වර්ෂාව හේතුවෙන් මාතලේ ,යටවත්ත,නාඋල ,විල්ගමුව ඇතුලු ප්රදේශවල විශාල ලෙස වගා කර තිබු පැණි කොමඩු වගාවන් විනාශයට පත්ව ඇති බව ගොවිහු කියති.
මෙම ප්රදේශවල අක්කර විශාල ප්රමාණයක කොමඩු වගාවන් සිදු කර ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
අධීක වර්ෂාපතනය හේතුවෙන් කුඹුරුවල වගා කර තිබු කොමඩු විනාශ වි ඇති බවත් ජලය පිරි යාම හේතුවෙන් මාසයක් පමණ වු කොමඩු ගෙඩි විනාශ වි ඇති බව ගොවින් පවසයි.
විශාල මුදල් ප්රමාණයක් යොදවා මෙම වගාවන් සිදු කළ බවත් මේ හේතුවෙන් වෙනත් වගාවක් සිදු කිරිමට කාලයක් හෝ මේ වන විට නොමැති බවත් ඇතැම් ගොවින් මුදල් පොළියට රැගෙන යෙදවු බවත් මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔවුන් කියයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න