• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු අවසන්

28 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු අවසන්

ශ්‍රි ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කර ඇත.

අපනයනය කළ හැකි සෑම පලතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කරනු ලැබීය.

මෙම ස්ට්‍රොබෙරි වගාව සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් අතර ඒ අනුව ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පැවසීය.

නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සදහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යටතේ සියයට 25ක සහන පදනමක් යටතේ මෙම ආරක්ෂිත ගෘහ ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

ඒ සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 320ක මුදලක් රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

Post Views: 19,926
Previous Post

මාතලේ කොමඩු වගාවන් විනාශයට

Next Post

ගාසාහි ළමා අරමුදල සමඟ අත්වැල් බැඳ ගත් සියලු පරිත්‍යාගශීලින්ට ජනාධිපති කාර්යාලය සිය ස්තූතිය පළ කරයි

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

ගාසාහි ළමා අරමුදල සමඟ අත්වැල් බැඳ ගත් සියලු පරිත්‍යාගශීලින්ට ජනාධිපති කාර්යාලය සිය ස්තූතිය පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved