• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍යවේදිනී දරීෂා ගැන අධිකරණය අද දුන්න නියෝගය

21 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට , ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණවලට දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් විසින් බාධා කිරීමක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම පැමිණිල්ල ඉකුත් දිනයෙහි කැඳවනු ලැබූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම  සිද්ධියේ විමර්ශනවලට අදාළව දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් ගේ ලැප්ටොප් පරිගණකය අධිකරණය විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් ජුනි මස 10 වන දා තම බාරයට ලබාගත් බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් එම කරුණ ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ දරීශා බැස්ටියන් මාධ්‍යවේදිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්ඩීන් , තම සේවාදායකයිකාවගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා ගත්තේ ජුනි මස 10 වන දා නොව ජුනි මස 04 වන දා බවට චෝදනා කර තිබුණි.

මේ හේතුවෙන් අදාළ ලැප්ටොප් පරිගණකය තුළ අන්තර්ගත දත්ත වෙනස් වීමකට ලක් ව තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකරන ලෙසද, එම නීතිඥවරයා මහෙස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව අදාළ පැමිණිල්ල අද කැඳවු ලැබූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී සිටි දරීශා බැස්ටියන් මාධ්‍යවේදීනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජුනි මස 4 වන දා තම සේවාදායිකාවගේ නිවසට පැමිණ තිබුණ ද, ඔවුන් විසින් ලැප්ටොප් පරිගණකය රැගෙන ගොස් තිබුනේ ජුනි මස 10 වනදා බවට තමන්ට උපදෙස් ලැබී තිබෙන බව පිළිගත්තේය.

තොරතුරු සන්නිවේදනයේ දී ඇති වූ ගැටලුවක් මත තමන් මෙම කරුණ ඉකුත් නඩු දිනයේදී ප්‍රකාශ කළ බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ක්‍රියාව තුළින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් මෙම පරීක්ෂණවලට හිතාමතාම බාධාවක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට සැකයක් මතුවන බව අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.

දරීෂා බැස්ටියන් මාධ්‍යවේදිනිය ආරම්භයේ පටන්  මෙම විමර්ශනවලට බාධාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අවසර දෙන ලෙස පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  මෙම සිද්ධිය හරහා මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් විමර්ශන කටයුතුවලට බාධාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එහි දී ඇය විසින් විමර්ශන කටයුතු වලට බාධාවක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 8 වන දා කැඳවීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මේ අතර ඉකුත් දින අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව විදේශගතව සිටින දරීශා බැස්ටියන් මාධ්‍යවේදිනියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත  ද, අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු විසින් දිවුරුම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Post Views: 1
Previous Post

රංජිත්ගේ පෙත්සම විසිවෙයි.. නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

Next Post

සමෘද්ධි ලාභීන්ට සහන ණයක්

editor

editor

Next Post

සමෘද්ධි ලාභීන්ට සහන ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved