27 April 2024
#දේශීය

රංජිත්ගේ පෙත්සම විසිවෙයි.. නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරිණි.

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා එම අභියාචනය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසයි.

සම්පත් අබේකෝන් සහ මොහොමඞ් ලෆාර් යන බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රුපියල් 25,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද සමගි ජනබලවේගයේ මහලේකම්වරයාට නියෝග කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *