අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී මාධ්‍යෙව්දීයාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතිව පරික්ෂණයක් සිදු කරන ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා ලිපියකින් පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
අදාළ මාධ්‍ය වේදීයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත් ලැබු අයෙකු වන අතර සිය රාජකාරියට බාධා කරමින් ශරීරිකව පිඩාවට ලක්කරන ආකාරය ප්‍රවෘත්ති මගින් පෙනී ගිය බවත් අදාළ සිද්ධිය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ලිපියෙහි සඳහන් කර ඇත.